මේ දවස් වල මම ඉන්නෙ ගෙදර. නිවාඩුවට ගෙදර ආවනේ. ඉතින් කට්ටියගෙන් මට සෑහෙන සැලකිලි. ආසාවේ බෑ. හැබැයි ඉතින් අපේ සෙට් එක මතක වෙද්දීත් පලුවේ
බෑ. හොස්ටල් ජිවිතේ ගැන දන්න කට්ටිය දන්නවා
ඇතිනේ ඉතින් කෑම බීම වල එහෙම රඟ. මාසයක් හිටියම ඇති බෝලේ වගේ ඉන්න අයව
කෝට්ටක් වගේ වෙන්න. ගෙදර ආවම අම්ම හදල දෙන එක එක කෑම ජාති
කෑවම අපහු පරණ තත්වෙටම ආවැකි. මං මේ කියන්නේ අත්දැකීමෙන් හොදේ.
Tuesday, June 26, 2012
Tuesday, June 19, 2012
මේ දෛවය ද?
මේක
බොහොම දුක හිතෙන කතාවක්. කියවලම බලන්න.
අපි
එයාට කියන්නේ කඩේ ආච්චි කියල.එය ගොඩක් අහිංසක වයසක ආච්චි කෙනෙක්. එයාගේ ළමයි හැමෝම
බැඳලා ඒ වූනාට එයා පුංචි ගෑනු ළමෙක්ව හදාගත්තා. පොඩි කාලේ අම්මට එපා කියපු
දරුවෙක්. මේ ආච්චි කඩයක් කරල තමයි මෙයාව හැදුවෙ. එයාගේ ළමයිවත් කැමති වුනේ නෑ මේ
ළමයව හදාගන්නවට.ඒ වුනත් මේ කඩේ ආච්චි පොඩි එකාව ගොඩක් ආදරෙන් බලාගත්තා. එයාට
පුළුවන් විදියට හැම දේම කළා. ඉස්කෝලේ යැවුවා කන්න බොන්න දුන්න, කිසිම දේකින්
අඩුවක් කලේ නෑ. ගොඩක් ආදරෙන් හිටියා. අපි මෙයාට දැන් ඉදන් කියමු වාසනා කියල.ඔය
විදියට වාසනා වයසින් වැඩුනා. අපේ අම්මලාගේ බාසාවෙන් කියනවා නම් වාසනා හොඳ ඇහැට කනට
පේන ගෑණු ළමයෙක්.
Monday, June 18, 2012
ස්නේහයක සිතුවම්. පළමු දිගහැරුම
“කොරියානු මිත්‍රත්ව අභ්‍යාස විද්‍යාලය”.
මේ
පුවරුව දුටු පමණින්ම අපේ අයියගේ මුහුණේ ප්‍රීතිමත් සිනාවක් අඳුණි.
“ඉස්සරහ
ගේට් එක ළඟ නවත්තන්න.”
අප
පැමිණි කුලී රථයේ රියදුරුට
පැවසූ අයියා මදෙස බලා මද සිනාවක් සමග
“ඔන්න
නංගි අපි ආවා. අද ඔයාට ගොඩක් වැදගත් දවසක්. ජිවිතේ අලුතෙන් පටන් ගන්න.”යි කියත්ම
අප පැමිණි කුලී රිය විශාල ගේට්ටුවක් අසල නැවතුණි.
sorry

සඳක් නම මම ඉරක් වනු මැන
මගේ ලෝකය එලිය කරනා
මගේ ලොව නම් අපේ ලොවමය
ඔබත් සමගින් ගොඩනන්වනා
ඒ ලොවේ රජ කුමරු ඔබමයි
රැජිණ වෙමි මම ලඟින් හිඳිනා
අපේ සොඳුරුම අනාගතයට
සැමදෙවියන්ගේ පිහිට ලැබේවා
ඔබගේ පිවිතුරු සිත රිදවන්නට
නොසිතමි කිසිදා සිහිනෙන්වත්
ඔබගෙන් වෙන් වී ඉවත නොයන්නට
පොරොන්දු වෙමි මම එකම
සිතින්
මගේ ආදරය සැමදා ඔබ ළඟ
රැඳේවි පිවිතුරු කුසුමක් මෙන්
වරදක් වී නම් සමා වුව මැන
ආදර මගේ රත්තරන්
මේක ඔයාට...........
ඔයා කියන්නේ මගේ ආදරය
නිසල ගං දිය

නිසල
ගං දිය සසල වෙන්නට පුංචිම පුංචි වැලි කැටයක පහස හොදටම ප්‍රමාණවත්. අපේ හිතත් ඒ වගේ
නේද ? අපි ආදරේ කරන අපට ගොඩක් සමීප කෙනෙක්ගෙන් පුංචිම පුංචි හරි හිත රිදීමක්
වුනොත් අපි ඒ ගැන කොයිතරම් හිතනවද ? ලතැවෙනවද ? ගොඩක් දුක් වෙනවා නේද? මමත් එහෙමයි......................
නිසල ගං දියේ දිය දෝතක රස විදින්න එන හැමෝම ගොඩක්
ලෙන්ගතුව පිලිගන්නවා................
Subscribe to:
Posts (Atom)