Tuesday, June 26, 2012

කුම්බකරණ


මේ දවස් වල මම ඉන්නෙ ගෙදර. නිවාඩුවට ගෙදර ආවනේ. ඉතින් කට්ටියගෙන් මට සෑහෙන සැලකිලි. ආසාවේ බෑ. හැබැයි ඉතින් අපේ සෙට් එක මතක වෙද්දීත් පලුවේ බෑ. හොස්ටල් ජිවිතේ ගැන දන්න කට්ටිය දන්නවා ඇතිනේ ඉතින් කෑම බීම වල එහෙම රඟ. මාසයක් හිටියම ඇති බෝලේ වගේ ඉන්න අයව කෝට්ටක් වගේ වෙන්න. ගෙදර ආවම අම්ම හදල දෙන එක එක කෑම ජාති කෑවම අපහු පරණ තත්වෙටම ආවැකි. මං මේ කියන්නේ අත්දැකීමෙන් හොදේ.


කොහොම කොහොම හරි දැන් ඉතින් ගෙදරනේ...... කවදද එන්නේ.. කියල නාහෙන් අඬ අඬ හිටපු කට්ටියත් දැන් කජු ලෙල්ල වගේ වෙලා තිබුන මුණ ටිකක් හදාගෙන ඉන්නව. ඒ ගැන නම් මට මාර සන්තෝසයි. මං මේ ලියන්නේ එයා ගැන.

එයාගේ ප්‍රියතම විනෝදාංශය තමයි නිදාගැනීම. උදේ පාන්දර නවයට විතර ඇහැරිලා අම්ම උදේ පාන්දර හදපු ඇල් වුන කිරි එක එක උගුරට ගහල දාල දහය විතර වෙද්දී උදේට කනවා බඩ පැලෙන්න. ඔන්න ඊටපස්සේ ෆිල්ම් එකක් එහෙම බලලා දවල්ටත් කනවයි කියමුකෝ. ඊටපස්සේ පොඩි නින්දක් එහෙම ගහල පහ විතර වෙද්දී ඇහැරිලා මුණ කොරහක්‌ වගේ හදාගෙන ෆෝන් එකේ ඩිස්ප්ලේ එක දිහා ගිලින්න වගේ බලන් ඉන්නවා. ඔන්න ඊටපස්සේ man awane කියල sms එකක් එනවා. ඒකට ha කියල යවල අයෙ sms එකක් එනකල් බලාන ඉන්නවා. (ඒ ha එක මාර පවර් හොදේ.) සෑහෙන වෙලාවකට sms නෑ. ඔන්න තරහ යනවා.ඔහොම ඉතින් හත විතර වෙනකල් ඉදලා අතෙත් නිදාගන්නවා පුපුර පුපුර. නිදි අතරේ  missed calls දහයක් විතර එනවා. ඇහැරෙන්නේ නම් එයා නෙමෙයි. කොහොමත් ඉතින් silent දාල තියෙද්දී ඇහැරෙන් නැනේ. ඔන්න රෑ දහය විටර වෙද්දි මල්ටි බැරල් එකකුත් වදිනවා.(මල්ටි බැරල් කියන්නේ මුළු ගෙදරම ඇහැරෙන land phone එකට ගහන missed call එකටනේ) ඔන්න එතකොට පොඩ්ඩක් ඇස දෙක අරිනවා. එ උනාට අයෙත් අනිත් පැත්ත හැරිලා නිදාගන්නවනේ කොහොමහරි තව මල්ටි බැරල් දෙක තුනක් වදිනකොට ඇහැරෙනවා. ඔය අතරේ එයාගේ අම්මට නින්ද යන්නෙත් නෑ දවසකට missed calls දෙක තුනක්වත් answer කරලා 2.75හේ ඒවා දෙක තුනක් වත් කපන් නැතුව. එතකොට ඉතින් අසූ හාරදාහට නගින එක අහන්න දෙයක්යැ නේද
නිදිමරගාතේ රෑ 10.3011.00ට විතර සීතල වුන බත් එකෙන් කටවල් දෙක තුනක් කාල ෆෝන් එකේ ඩිස්ප්ලේ එක දිහා හොරෙන් වගේ බලල රව රව ඉන්නවා. කොහොම කොහොම හරි ආයෙත්  sms  හතරක් පහක් ගහල වැනි වැනි ඉන්නවා. ඒ වෙනකොට එන sms ටිකක් විතර දරුණුයි. ඒ හින්ද ඉතින් කැත්තට පොල්ල වගේ තමා. ටිකක් වෙලා යනකොට ඉතින් දෙන්නගෙම ගනන් ටික ටික බහිනවනේ ඒ වුනාට ඉතින් තවත් ටික වෙලාවක් යද්දි ෆෝන් එක කොහෙවත් එයා ආ.......යෙත් නිදි.    
මේ එයාගේ එක දවස් වර්ගයක්. එහෙම දවස් වලට ඉතින් ගිගුරුම් සහිත වැසි තමා. මේ වගේ දවස් වර්ග ගොඩයි හොදේ.........                       

2 comments:

  1. අනේ පවු දුක් විදින අහිංසක පෙම්වතෙක් ඔය වගේ හොද කෙනෙක් හොයාගන්න වෙන න ආයේ

    ReplyDelete
  2. niyameta palu yawwa pemwatha kawru unath.mona unath hoda kolla ithin

    ReplyDelete

කියෙවුවම මොකද හිතෙන්නේ? ලියලම යන්නකෝ.

Related Posts Plugin for WordPress, Blogger...