Monday, August 20, 2012

අඳුරු වලාකුළු -1


සඳලි හිටියේ කැඩපත ඉස්සරහ. පලවෙනි වතාවට එයා එයාගේ ප්‍රතිබිම්බය දිහා කල්පනාවෙන් බැලුව. ටික වෙලාවක් බලා ඉද්දි එයා දැක්කේ එයාගේ රුපය නෙවෙයි. එයාගේ අයියගේ රුපය. ඒත් ඒක ක්ෂණිකව නැතුව ගියා. ඊළඟට සඳලි ගියේ එයා ළඟ අයිය ගැන තියෙන වටිනාම සහ එකම මතකය හොයාගෙන.
“සඳලි අක්කේ, අදට අවුරුදු හතරක්.”ලොකු සුසුමක් එක්ක රුවන් කීවේ සඳලිගේ කාමරේ දොර ලඟට වෙලා. සඳලි රුවන්ගේ මුණ දිහා වතාවක් බලල ආයෙත් ඇඳ යට තිබිල ගත්තු පෙට්ටියේ අදින්න පටන් ගත්ත. අන්තිමේදී එයාට තමන් හෙවුව දේ හම්බ වුනා. ඒක පොඩි බිඳුණු කැඩපතක්. එයා ඒක ගෙනාව විදියටම තිබුන.
“අක්කේ, ප්ලීස් අදවත්...” රුවන් කියන්න හදපු දේ කියන්න වුනේ නෑ. සඳලි දබරැඟිල්ල තමන්ගේ කටට තිබ්බ. රුවන් ආපහු යන්න ගියා.
සඳලි පාසල් ගුරුවරියක්. රුවන් කියන්නෙත් එයත් එක්ක එකට ඉස්කොලේ උගන්නන කෙනෙක්.සඳලි නැවතිලා ඉන්නේ රුවන්ගේ ගෙදර. දැන් අවුරුදු හතරකට කිට්ටුයි. ඒ කියන්නේ සඳලිට තමන්ගේ කියල හිටපු එකම ඥාතිය නැති වුන දවස වල ඉඳල. සඳලි අතීතෙට ගියා.

අයියයි එයයි ජීවත් වුනේ තනියම. අම්මයි තාත්තයි හදිසි අනතුරකින් එයාලව දාල ගියාට පස්සේ නැන්දා විතරයි එයාලට ඉතුරු වුනේ. ඒක වෙද්දී සඳලි ගොඩක් පොඩියි. පොඩි කාලේ ඉඳන්ම එයා ළඟ හිටියේ නැන්දයි අයියයි විතරයි. නැන්දා මේ දරුවෝ වෙනුවෙන් එයාගේ ජීවිතේම කැප කරලා තිබුනේ. සඳලිට වයස 23 වෙද්දී එයාගේ නැන්දත් එයාලව දාල නොඑන ගමන් ගියා. මේ දෙන්න ලෝකේ තනි වුනා. ඒ වෙද්දී එයාගේ අයියා සමිත, දක්ෂ ගණිත ගුරුවරයෙක්. එක දවසක් අයිය ඉස්කෝලේ යන්න ලැස්ති වෙද්දී එයාගේ කාමරෙන් ලොකු සද්දයක් ආව. සඳලි දුවල ගිහින් බැලුව.
“මාර වැඩක්නේ උනේ සුදු, මං දන්නෙත් නැතුව මේ කන්නාඩිය බිම වැටුනනේ. මං මේ කොන්ඩේ පීරන්න ගත්ත විතරයි.”  සමිත එහෙම කීව.
ඊට පස්සේ පුරුදු විදියට එයා වැඩට ගියා. ඒත් හවස සඳලිගේ ගෙදරට කෝල් එකක් ආව සමිතව සනීප නැතුව රෝහල් ගත කළා කියල. සඳලි ගියා සමිතව බලන්න. ඉස්කෝලෙදි සමිතව සිහි නැතුව වැටුනලු.සඳලිට දැනගන්න ලැබුනේ එහෙමයි. සමිතට කතා කරන්න තරම් සිහියක් තිබුණ නෑ. එයා සඳලි දිහා බලා උන්න.
දවස් ගෙවුන. සමිතට සනීප වුනා. ඒත් ලෙඩේ හොයාගන්න බැරි වුනා. සතියකින් විතර ආයෙත් කලින් විදියටම සමිත ලෙඩ වුනා. බෙහෙත් කලාට වැඩක් වුනේ නෑ. සමිතව බේරගන්න බැරි තැනට ආව. සඳලි අමාරුවෙන් හුස්ම ගන්න තමන්ගේ අහිංසක අයිය දිහා බලන් උන්න. තමන්ගේ එකම නෑදෑයා තමන්ව දාලා අනිත් අය වගේම යනවා කියල සඳලිට විස්වාස කරන්න බැරි වුනා. එයාට ඒක දරාගන්න බැරි වුනා. එයා රවිඳුගේ උරහිසේ ඔලුව ගහගෙන හොඳටම ඇඬුවා. රවිඳු කියන්නේ සඳලිගේ ආදරේ. සඳලි දෙතුන් වතාවක් සිහි නැතුව වැටුනා. මේ අයියටයි නංගීටයි වුන විපත්තිය ගැන මුළු රෝහලම කම්පා වුනා. අන්තිමේදී සඳලිගේ එකම අයිය එයාව දාල යන්න ගියා. සඳලි තනි වුනා. 





සමිතගේ අවසන් කටයුතු කරන දවසේ සඳලි එක කඳුලක් එලියට දැම්මේ නෑ. එයා හැම දෙයක් දිහාම හොඳට බලා හිටිය. ඒ සේරටම උදවු කලේ රවිඳු. රවිඳුගේ මුළු ලෝකෙම වුනේ සඳලි. ඒ තරමට එයා සඳලිට ආදරෙයි.
“සඳලි මං කවදාවත් ඔයාගේ අයියට මං වුනු පොරොන්දුව කඩන් නෑ.” රවිඳු කීවේ එහෙමයි.
 සමිතව බලන්න රවිඳු ගියා එයා නැති වෙන්න දවස දෙක තුනකට කලින්
 ”අනේ මගේ මල්ලියේ, මං මළොත් එහෙම මගේ අර අහින්සකීව උඹේ ඇස් දෙක වගේ බලාගනින්. ඒකිට මං ඇර කාත් කවුරුවත් නෑ.” සමිත හැඬූ කඳුලෙන් කීව.
“මට පොරොන්දු වෙයන්. මගේ සුදූව බලාගන්නවා කියල.” සමිත රවිඳුගේ අත් දෙකම අල්ලාගෙන එහෙම කීවේ රවිඳුගේ ඇස් දෙකත් තෙත් කරල.එදා රවීඳු හිතාගත්තා මොනම හේතුවක් නිසාවත් සඳලිව තනි වෙන්න දෙන් නෑ කියල.
අයියගේ මරණෙන් පස්සේ සඳලිට අයියව බලපු ඩොක්ටත් කතා කළා. සඳලිට ගුරු පත්වීමක් ලැබුනේ ඒ අතරෙමයි. හත් දවසේ දානේ ඉවර වෙලා සඳලි කාටත් හොරා එයා පත්වීම ලබපු ඉස්කෝලෙට ගියා. සඳලි යන වග රවිඳුවත් දැනගෙන උන්නේ නෑ.
 අයිය මුලින්ම අසනීප වුන දවසේ බිඳුණු කැඩපත තමයි එයා දැන් අතේ තියාගෙන ඉන්නේ. එයා රවිඳුව දාල ඇවිත් අදට අවුරුදු හතරක්. ඒ ගැන තමයි රුවන් මතක් කලේ.මොකද සඳලි ගියා දා ඉඳං රවිඳු එයාට mail කළා. දවසට එක ගානේ. එකම වෙලාවට ඒත් සඳලි ඒ එකකටවත් උත්තර යැවුවේ නෑ. මේ විස්තර රුවන්ට සඳලි කියල තිබුනා. එයා හැමදාම රවිඳුගේ mail එක බැලුව. සඳලිට කරදර කළා රවිඳුව හම්බවෙන්න කියල. ඒත් සඳලි ඒවා අද වෙනකල් කනකට ගත්තේ නෑ.
රුවන් සඳලි ගැන ගොඩක් දේවල් දන්නවා. අයියගේ මරණෙන් පස්සේ සඳලි කාවහරි ළඟින් ආශ්‍රය කළා නම ඒ රුවන් විතරයි. ඒ කාලේ එයා ළඟින් උන්නු යාළුවො කවුරුවත් මේ අවුරුදු හතර ඇතුලත සඳලි මුණගැහිලා නෑ. කිසිම සම්බන්දකමක් නෑ.
කොහොමහරි සඳලි වෙනද වගේම ඉස්කෝලේ ගියා. එයාත් අයිය වගේම ගණිත ගුරුවරියක්. එයාට විවේක වෙලාවේ කෝල් එකක් ආව.
“සඳලි මම”
“ඔව් කියන්න මොනවත් ප්‍රශ්නයක් තියෙනවද.?” සඳලිගේ කටහඬ ගැහෙනවා.
“නෑ සඳලි ඔක්කොම නෝමල්.”
සඳලි සැනසුම් සුසුමක් හෙළුව. මේ අවුරුදු හතර ඇතුලත සඳලි මාස හයකට වතාවක්වත් පුර්ණ වෛද්‍ය පරීක්ෂණයක් කරව ගත්ත. ඒ ගැන තමයි එයාට දැන් දැනගන්න ලැබුනේ. එයා ඉස්කෝලේ ඇරිලා ආපහු ගියේ රුවන් එක්කමයි.
“මල්ලි, මං අද රවිඳුට reply කරනවා.”
“ ඔ. ඔයා ඇත්තමද කියන්නේ අක්කේ? මං මේ වෙනකල් ඔයාගෙන් ඇහුවේ නැති ප්‍රශ්නයක් අද ඔයාගෙන් අහන්නද?”
“ඔයා අහන්න හදන්නේ මං මේ වෙනකල් රවිඳුට මෙහෙම කලේ ඇයි කියල නම් ඔයා ඒක අහන්න එපා මල්ලි. ඒත් මට පුදුමයි එදා මං මේ දේවල් කීව වෙලාවේ ඔයා මේක ඇහුවේ නැත්තේ ඇයි කියල. ”
රුවන් එතැනින්ම නිහඬ වුනා. රුවන් සඳලි එක්ක කතා කරන ගොඩක් වෙලාවට එයාලගේ කතාව ඉවර වෙන්නේ උත්තර දෙන් නැති නැත්තම් උත්තර නැති ප්‍රශ්නෙකින්. මොකද එයාලගේ කතා ඒ තරමට සංකීර්ණයි.වෙනස්.
“මං එන්නම්.” සඳලි රවිඳුට යැවුවේ මෙච්චරයි. මේ වචන දෙක දකින්න රවිඳුට ගොඩක් දුක් විඳින්න වුනා. මේ වචන දෙක එයාගේ හිත් කාන්තාරෙට ලොකු වැස්සක් වුනා. ආපහු උත්තර එන්න විනාඩියක්වත් ගියේ නෑ.
“අපි මුලින්ම මුණගැහුණු තැන මතකද? හෙට හවස” සඳලිට ලැබුනේ මෙහෙම උත්තරයක්. මොකද රවිඳුට වෙන ගලපගන්න විදියක් තිබුනේ නෑ.‌
එයාල මුලින්ම මුණගැහුනේ බෙල්ලන්විල විහාරේදී. සඳලි අයියත් එක්ක පන්සල් ඇවිත් හිටිය. සඳලි අතේ තිබුණු තෙල් බෝතලේ බිම වැටිලා බිඳුනා. එයාලට පහන් පත්තු කරන්න විදියක් තිබුනේ නෑ. සඳලි පහන් දිහා බලන ඉද්දි රවිඳු එයාට පහන පත්තු කරන්න උදවු කළා. සඳලිටත් රවිඳුටත් ඒ දවස කවදාවත් අමතක වෙන් නෑ.
සඳලි බෙල්ලන්විල ගියේ තනියම මල්. පහන් පූජා කරල එයා බෝ මළුවේ ඉඳගෙන හිටිය. ඒ වෙලාවේම රවිඳු ආව. අවුරුදු හතරකට පස්සේ තමන් ආදරය කරන කෙනාව මුණ ගැහුණම මොනවද හිතෙන්නේ.




---------මතු සම්බන්ධයි-----------

14 comments:

  1. නොනත් වැඩට බැහැල තියෙන්නේ... දිගටම ලියන්න.. සුබපැතුම්...

    ReplyDelete
    Replies
    1. මහත්තයට වඩා නෝනා එලට ලියනවා ඈ.. :)

      Delete
    2. ඒ කතාව නම ඇත්ත ඈ.....

      Delete
    3. ගොඩක් ස්තුතියි. ඒ වුනාට සඟයත් ගොඩක්ම හොඳට ලියනවනේ.

      Delete
  2. අමුතු කතාවක් වගේ..

    ReplyDelete
    Replies
    1. ඉතිරි ටිකත් ළඟ......දීම කියවන්න පුළුවන් වෙයි. මේ පැත්තට එන්නකෝ යාලු.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  3. සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි!!! රජ.

      Delete
  4. අපෙ නංගි කෙනෙකුත් ඉන්නවා සදලි කියලා

    ReplyDelete
    Replies
    1. මේ නම් ඔයාගෙ ඒ නංගිය නෙවෙයි හොඳේ.

      Delete
  5. Replies
    1. ගොඩක් ස්තුතියි. ඉතුරු ටිකත් බලන්නකෝ. ඉක්මනටම පුළුවන්.

      Delete
    2. කල් ගන්නේ නැතුව ලියන්ඩ... නැත්නම් කතාව අමතක වෙනවා !

      Delete

කියෙවුවම මොකද හිතෙන්නේ? ලියලම යන්නකෝ.

Related Posts Plugin for WordPress, Blogger...