Thursday, August 9, 2012

සත් වන දිගහැරුම. ස්නේහයක සිතුවම්


“ඔයත් යමු අක්කේ අපි එක්ක, අපි පොඩි රවුමක් යනවා.” 

“මං තාම මුණ හොදලත් නෑ හලෝ ඔයාලගේ සද්දෙට ඇහැරුනේ, මං ටක් ගාල එන්නම් ටිකක් ඉන්නකෝ.”

“දරුවෝ, දැන් යන්ට එපා ආපහු , ඔයාට මුණ හෝදන්න හොඳ තැනක් තියනවා .”බුලක්‌ කෙල පාරක් ගසමින්  නන්දාවතී නැන්දා කීවාය.

අවට සිරිය බලමින් අපි නැන්දා පස්සේ වටුනෙමු. අය අපව රැගෙන ගියේ කදිම තැනකටයි. එය විශාල දොළ පාරකි. ඇත්තටම ලස්සනය. මිනුරි පැන මුණ සේදුවාය. නිදහසේ සිටින්නට කියාපු තැනකි. අපිත් වතුරට බැස්සෙමු. නන්දාවතී නැන්දා සිනාසෙමින් බලා උන්නාය. පසුව නැන්දාගේ වදය නිසාම ආපසු හැරුනා මිසක මට නම් යන්නට සිතකවත් තිබුණේ නැත. 

උදේ අහාරයෙන් පසු අපි පස් දෙනා හෙටින් ඇරබෙන අපේ අලුත් පාසල ගැන කතා කළෙමු. ඔහේ කියෙවුවෙමු. අපි ඉතා ඉක්මනින් සෑහෙන කලක සිට දන්නා පිරිසක් වුනෙමු. නමුත් සෙනන්යා නිතරම සිටියේ අපෙන් වෙන වී තනිවය. අපි ඇය අපට එකතු කර ගැනීමට කොතෙකුත් උත්සහ කළෙමු. ඇය ඊට කැමැත්තක් නොදැක්වීය. කාලය ඔහේ ගෙවී ගියේය. 

මගේ පොඩි අයියා ගැන මේ අය සිතා සිටින්නේ මගේ පෙම්වතා කියාය. සවස් කාලයේ මම ඔහු සමග කතා කලෙමි. මගේ කාමරයට සෙනුරි අවේ එවිටමය. ඇය යන්නට ආපසු හැරෙත්ම මා දුරකථනය පසෙක තබා ඇයට කතා කලෙමි.

“ සෙනූ ඉන්නකෝ”

“කතාව ඉවරද? මං උදැල්ල දැම්ම නේද?”

“පිස්සුද මැට්ටි, අපේ අයිය ඔහොම තමයි මං තියනකල් තියන් නෑ.”

“ඔයා ඉතින් අපට කියන නෑනේ එයා ගැන, ඇත්තටම ඒ ඔයාගේම අයියද හංසි?”

මා නම් ඇගේ මුහුණ දුටුවේ ප්‍රශ්නාර්ථ ලකුණක් මෙනි. මා ඇයට අයියාත් මාත් ගැන සියලු දේ පැවසුවෙමි. මට ඇඩුනි. ඇය ඉතා සාවදානව අසා සිටියාය. මදකුදු  බාධා නොකළේය. අවසානයේ ඇගේ ඇසටද කඳුලක් නැගුණි.

 “ මං මගෙ අක්කට ගොඩාක් ආදරෙයි. ඒත් අපි ඔයාල තරම් සමීප නෑ.” ඇය දුකින් බර වූ මුහුනින් යුතුව කීවාය.
 
දුක්බරව ගෙවී ගිය නිදි නැති මහා මුසල රාත්‍රියකින් පසුව මගේ පාසලේ පළමු දිනය උදා විය. අපට නිශ්චිත නිල ඇඳුමක් නොවුනි. මම ඩෙනිමක් සමග මෙහි ඒමට පෙර පොඩි අයියා අරන් දුන් බ්ලවුසයක් ඇන්දෙමි. කොණ්ඩය ගොතා දමා වැඩි විච්චුරන නැතිව වැන් රියට ගොඩ වුනෙමි. මිතුරියන්ද අලුත් පාසලේ පළමු දිනයේ යම් චකිතයකින් පසු වුහ. 8.15 පමණ වන විට අපි පාසලට ලඟා වීමු. ඉහල පන්ති වල සිසු සිසුවියන් විසින් අපව උණුසුම්ව පිළිගනු ලැබිණි.

පුංචි තරුවක් සහිත බැජ් එකක් පැළදවුහ. පුංචි සංග්‍රහයක් ද පැවැත්විණි. පුංචි පිළිගැනීමේ උත්සවය කොරියානු සංගීතයෙන් වර්ණවත් විය. එය ඇත්තෙන්ම සිත ඇද ගත්තේය. 
 
ඉන් අනතුරුව අප පන්ති කාමර වලට යවනු ලැබිණි. අපට කැමති විෂයයන් තෝරා ගැනීමේ අවකාශ ලැබිණි. ඉතාම සිත් ගන්නා සුළු ගුරුවරුන් පිරිසක් අපට හදුන්වා දෙනු ලැබීය. එම අත්දැකීම වෙනස්ම ආකාරයේ විය. සාම්ප්‍රදායික නොවූ අතිශය ප්‍රයෝගික වූ පාසලකි එය. දවල් ආහාරය ආපන ශාලාවෙන් ගත්තෙමු.    

සවස් කාලයේ පන්ති කාමර වල කිසිවෙකු නොවීය. ඇත්තෙන්ම අපට එය මහත් ගැටළුවක් විය. අලුත් ළමෝ සියලු දෙනාම බලා සිටියේ කාගෙන් හෝ උපදෙස් ලැබෙන තුරුය. 

අපේ නේවාසිකාගාරයේ යෙහෙළියෝ සී සී කඩ විසිරිලාය. ඉතිරි වී සිටියේ මාත් සෙනුරිත් පමණි. ආ දා පටන්ම මමත් සෙනුරිත් ඉතා  කුළුපග මිතුරියෝ වූහ.අපි ඔහේ ඇවිද්දෙමු එය විශාල භූමි ප්‍රදේශයකි. පිටුපස විශාල පිට්ටනියකි. ලස්සන ජලාශයක් විශාල ගස් පසෙකින් තිබුණි. තණකොළ වැවූ පැත්තක් විය.ඒ වෙලාවේ මුළු පාසලම එහි විය. ජලාශයේ තැන තැන බෝට්ටු විය. ඇත්තෙන්ම මෙය පාරාදීසයක් වැන්න. මෙය පාසලක් නොවේ. සතුටු උයනකි. සෙනුරි මාවත් ඇදගෙන ජලාශය ලගටම දිව ගියාය. කෙල්ලෝ කොල්ලෝ ඉතාම සතුටින් ඔරු පැද්දහ. 

“ආ..... අලුත් බබාලා නේද? යමුද රවුමක්?”  

4 comments:

  1. කතාව නම් ලස්සනට ගලාගෙන යනවා... ඒ වුනාට හැම කොටසකම අහාරය ගැන කියල තියනවා නේ.....කෑමමයි වගේ මතක වෙන්නේ කතාව ලියනකොට

    ReplyDelete
    Replies
    1. අනේ. අනේ, ඔයා දන්නවනේ ඉතින් මගේ මතකයේ හැම වෙලේම තියෙන්නේ කෑම තමයිනේ.....

      Delete
  2. අම්බෝ දවසකට පෝස්ට් දෙකක් !!!
    එහෙම ලියන්ඩ එපෝ... කියවන්ඩ අමාරුයි !

    ReplyDelete
  3. ලියන්නේ නම් එක දවසේ නෙවෙයි යාලු. මං ඉන්න දිහාට ලොකු සිග්නල් අර්බුදයක් තියනවා. ඒ ගැන සමාවෙන්ට ඕනෙ.

    ReplyDelete

කියෙවුවම මොකද හිතෙන්නේ? ලියලම යන්නකෝ.

Related Posts Plugin for WordPress, Blogger...