Friday, August 10, 2012

තවත් එක් පීතෘ ඝාතකයෙක්!!!!!!!!


මේක මම ඇහින් දැකපු දෙයක් නෙවෙයි. මං අහපු දෙයක්. හැබැයි ඇත්තක්. නම් ගම් මනඃකල්පිතයි. 

රාජතිලක වලවුව. කන්දේගම ගමේ නම ගිය වලවුවක්. රාජතිලක හාමු බොහොම වැදගත් විදියට ජිවත් වුනා. (හාමුලගේ වැදගත්කම දන්නවනේ ඉතින්. උඩින ඔපේ යටින් හපේ) එයාගෙ බිරිඳ චන්ද්‍රතිලකා මැණිකේ. වැඩට හිටියේ සිරිසේන කියල වයසක උන්දැ කෙනෙකුයි තිලකාවතී කියල ගැහැණු කෙනෙකුයි. මේකත් ඔයා ගොඩක්ම අහල තියෙන මණ්ඩලේ කචල් සාම්ප්‍රදායික වලවුවක්.


තිලකාවතී සෑහෙන තරුණයි. ඉතින් රාජතිලක හාමුගේ ඇල්ම බැල්ම නිතරම වැටුන. ඒ කාලේ හාමුලව නවත්තන්න එයාලගේ බිරින්දෑලට හයියක් නෑනේ. කාලයක් යද්දී තිලකාවතී බඩදරු වුනා. ඒ වෙනකොටත් වලවුවේ මැණිකේට දරුවෝ හිටියේ නෑ. තිලකාවතීට පුතෙක් ලැබුනා. හාමු තිලකාවතීගේ දරුවට ගොඩක් ආදරේ කළා. මැණිකේට සෑහෙන ප්‍රශ්න ආව. කොහොම හරි කාලයක් යද්දී මැනිකෙටත් අම්ම කෙනෙක් වෙන්න වාසනාව ලැබුනා. එයාට දුවක් ලැබුනා. 

ඒ වුනත් හමු තිලකාවතීගේ දරුවඇත හරියේ නෑ. එයාට ඕනේ කරන වියදම් හැමදේම කළා. ඒත් ඒ ළමය නොමග ගියා. මං එයාට කියන්නම් ගාමිණී කියල. ගාමිණී ගමේ කොල්ලෝ ටිකක් ඒකතු කරගෙන චන්ඩි වැඩ කරන්න පටන් ගත්තා. හරක් හොරකම් වගේ. ගොඩක් අය කියන විදියට නම එයා චන්ඩියෙක් වුනේ වලවුව නිසාමලු.

මොන චන්ඩියෙක් වුනත් එයත් හදවතක් තියන මනුස්සයෙක්නේ. ඉතින් එයා ගමේ හිටපු කමලාවතී කියල තරුණියකට ගාමිණී ආදරේ කරන්න පටන් ගත්ත. කමලාවතී ගාමිණී ගැන හොඳට දන්නවා. ඒත් එයා කැමති වුනා. ආදරෙටමද නැත්තම් වෙන වෙන වාසි බලාපොරොත්තුවෙන් ද කියන්න දන්නේ එයාම තමයි. මොකද තවමත් ගාමිණීට වලවුවෙන් වියදම් ලැබුනා. කමලාවතීගේ ගෙදරින් ගාමිණීට බල කළා ඉක්මනට කසාද බන්දින්නය කියල. මේ දෙන්න බැන්දා.

ගාමිණීගේ කසාදෙ ගැන වලවුවට ආරංචි වුනු වහාම රාජතිලක හාමු ගාමිණී එක්ක තියෙන හැම සම්බන්දයක්ම නැවැත්තුවා. කොටින්ම වලවුව පැත්තටවත් එන්න ඉඩ දුන්නේ නෑ. ඊට පස්සේ ගාමිණී කාමලාවතී එක්ක පොඩි ගේ කෑල්ලක් හදාගෙන ජීවත් වුනා. ස්ථිර රස්සාවක් තිබුනේ නෑ. හොරෙන් ගස් කපල, හරක් හොරකම් කරලා, හොර පොල් කඩලා, ඔය වගේ හොර කියන විශේෂණ පදේ ඈදුනු වැඩ තමයි කලේ. දවස් සති මාස ගෙවුනා. ගාමිණී පුතාල දෙන්නෙකුගෙයි දුවෙකුගෙයි තාත්තා වුනා. බාලය දුව. කොයිතරම් දරුවෝ ලැබුවත් මේ පවුලෙත් මණ්ඩලේ කචල්. මුලික හේතුව වුනේ ගාමිණීගේ බේබදු කම. හවසට හවසට ගෙදර ඇවිත් කමලාවතී එක්ක රණ්ඩු කරනන ගත්තා. ගෙදරට මුදල් අඩු පාඩුත් හරියට දැනුනා. ඉගෙනගන්න ළමයි ඉන්නකොට වියදම් වැඩිනේ. 

මොන හේතුවකින් හරි කමලාවතී වෙනත් ආදරයක් හොයාගත්තා. ඒ සුමනපාල. රැකියාව ටැක්සි රියදුරු. සුමනෙටත් දරුවෝ හිටියා. ඒ වුනත් එයා කමලාවතීගේ පවුලේ නඩත්තුවටත් සල්ලි දුන්න. ගාමිනීටත් මේක කනින් කොනින් ආරංචි වුනාම කමලාවතීට දස වද දෙන්න පටන් ගත්ත ඒ සම්බන්දෙ කඩන්න. කොච්චර ජඩ වැඩ කලත් ගාමිණී තමන්ගේ ගෑනිටයි ළමයින්ටයි ආදරෙයි. කමලාවතීට ද්‍රෝහි වුනේ නෑ. තමන්ට වුන දේ තමන්ගේ දරුවන්ට වෙන්න දුන්නේ නෑ. ඒත්...

කොච්චර බැන්නත් කොච්චර ගැහුවත් කමලාවතී මට්ටු වුනේ නෑ. මේ වෙනකොට සුමනේගේ පවුලේත් සෑහෙන අවුල් ඇති වෙලා. ඒත් ඒක නතර වුනේ නෑ. කබරහමට තලන්න වගේ කමලාවතී ගුටි කෑවා. ඒත් පවුල ඇත හරියෙත් නෑ. සුමනෙත් එහෙමයි. 

මනුස්සයෙක් හෙම්බත් වෙන කාලයක් එනවනේ ජීවිතේ. ඒ කාලේ ගාමිණීගේ ජීවිතේටත් ආව. ජඩ වැඩ නැවැත්තුවා. ගෙදර ඉන්න එකත් එපා වුනා. ගාමිණී හොයාගත්ත වත්තක් මුර කරන රස්සාවක්. මාසෙකට වතාවක් විතර ගෙදර ඇවිත් සල්ලි බාගෙ දීල ළමයි බලලා ගියා. 

ඒ කාලෙ ගමේ හිටියා තල විකුණන කොල්ලෙක්. මහා වාචාල කටක් තියෙන. මේ කොල්ල විමලේ. තල අරගෙන ටවුමට ගිහින් ගාමිනීවත් බලා කියාගෙන එනව. ඒක මිනිහගේ පුරුද්දක්. 

ඒක දවසක් ගාමිණීගේ දුවට ලොකු හිසේ ඇම්මක් හදුනා. කෙල්ලට වේදනාව ඉවසන්න බැරුව කෑ ගැහුවා. කමලාවතී ළමයව මහ ඉස්පිරිතාලේටම එක්ක ගියා. නවත්තල බෙහෙත් කළා. විමලෙට කිව තල ගෙනියන ගමන් ගාමිනීටත් කියන්න කියල. 

විමලේ ගිහින් ගාමිණීට කිව.

“අන්න උඹේ කෙලී ඉස්පිරිතාලෙ නවත්තල. මට කීව පණිවිඩේ කියන්ට කියල.”

“ඒ මක් වෙලාද බං” 

“අනේ මන්ද ගමේ එවුන් නම් කියන්නෙ බඩක් හදාගෙන කියල.” ඔලොක්කුවට හිනාවකුත් දාගෙන විමලේ ගිනි ගෙඩියක් දුන්න. 

ගාමිණී මාරාවේස වුනා. කට ගොන්නක් බීගෙන ගමට ආව ගාමිණී ගමට ආව දාම දුවගේත් ටිකට් කපල ගෙදර එක්ක ආව.ආ ගමන්ම ගාමිණී කමලාවතීගේ ඇගට ගොඩ වුනා. තමන්ගේ කෙල්ලව පරෙස්සම් කරගත්තේ නෑ කියල. කරුණාවතී කොච්චර තේරුම් කරන්න හැදුවත් වැඩක් වුනේ නෑ. කරුනාවතීට පාරක් දෙකක් ගැහුවා. කරුනාවතීගේ බෙල්ලෙන් අල්ල ගත්තා.

මේ වෙනකොට ගාමිණීගේ පිරිමි ළමයි දෙන්නම රස්සාවල් කරනවා. ගජ ඉලන්දාරි. නංගිගේ අසනීපෙ හන්ද දෙන්නම ගෙදර උන්නේ. උස මහත් උනු පිරිමි ළමයි තමන්ගේ අම්මට ගහනකල් බලා ඉන්නේ නෑ කියනවනෙ. තාත්තව නවත්තන්නම බැරි වුනා. ගාමිණීගේ ලොකු පුතාගේ ඉවසීමේ සීමාව පැන්න.
එයා කුස්සියට ගියා. කුස්සියේ තිබුන පිහිය අරගෙන තමන්ගේ තාත්ත ලඟට ගියා. 

තාත්තගේ දකුණු අතේ කිහිල්ල යටින් පපුවට අතේ තිබුන පිහිය බැස්සුවා එතනින් නතර වුනේ නෑ. ඔලුවටත් පිහියෙන් ඇන්න. මල්ලි ගිහින් තමන්ගේ අයියව වාරු කරගත්ත. ඒත් එතකොට වෙන්න ඕනේ හරිය වෙලා ඉවරයි. කමලාවතීගේ අක්ක ගාමිණීගේ ඔලුව ඔඩොක්කුවේ තියාගෙන ඔලුවට ලේ බහින්න නොදී ඔලුව හෙල්ලුව. ඉස්පිරිතාලේ යන්න වෙලාවක් තීබුනේ නෑ. ගාමිණී මැරුණා. 

මරණ පරීක්ෂණය ගෙදර තිබුනේ. කමලාවතී පොලිසියට කිවුවේ ගාමිණී තනියම පිහියෙන් ඇනගත්ත කියල. ඒත් මරණ පරීක්ෂක කිවුව තනියම ඒ තරම් ගැඹුරට ඇනගන්න බෑ කියල. ඉන් පස්සේ ගාමිණීගේ ලොකු පුතා ඉදිරිපත් වුනා. 

පියා මැරූ වරදට පුතා හිර ගෙට යැවුනා. අවුරුද්දක් විතර යද්දී දේශපාලන නායකයෙක්ගේ උදවුවෙන් එයාගේ දඬුවම ලිහිල් කරලා අන්තිමේදී නිදහස් වුනා. 

අද කමලාවතී පොඩි කඩයක් කරනවා. පුතාල දෙන්නම බැඳලා. දුවත් බැඳලා. හොඳට ජීවත් වෙනවා කියල පේන්න තියෙනවා. ඒත් ඒ ළමයිගේ හිත මොන වගේද කියන්න මං දන් නෑ. 

කට කැඩිච්ච කතාවකට මොන තරම් දේවල් කරන්න පුලුවන්ද???????????      

ප.ලි.  මේ පත්තරේකට නොගිය කතාවක්                              

  

10 comments:

  1. තවත් එක් ආනන්තරීය පාප කර්මයක් !

    ReplyDelete
    Replies
    1. පල විපාක දරුණු වෙයි.

      Delete
  2. Replies
    1. ඒක ලොකු ප්‍රශ්නයක්??????

      Delete
  3. ඇත්තටම වරද කාගේද?
    මං දකින විදහට නම් මුළු සමාජයට මේකේ වැරැද්ද යනවා.

    ReplyDelete
    Replies
    1. ඔව්. මං එකඟයි. මුල ඉඳන්ම වැරදිලා.

      Delete
  4. අනුන්ගේ ගෙවල් වල ගිනි අවුලවන්න බලාගෙන ඉන්න මිනිස්සු.. අනේ අපොයි කියලා තමා කියන්න වෙන්නේ..

    ReplyDelete
    Replies
    1. මේ පුංචි රටේ ඔය වගේ මිනිස්සු අනන්තවත් ඉන්නවා යාලු.

      Delete
  5. Replies
    1. ඔබතුමා බය වුනාද? ඔබතුමාගේ අඩවියේ මේ වගේ දේවල් වෙන් නැද්ද?

      Delete

කියෙවුවම මොකද හිතෙන්නේ? ලියලම යන්නකෝ.

Related Posts Plugin for WordPress, Blogger...