Friday, August 17, 2012

අටවන දිගහැරුම. ස්නේහයක සිතුවම්


 
“කවුද බං ඒ හෝතඹුව?” කොණ්ඩය වවා සිටි තරුණයා දෙස බල ඇය මගේ කනට ලංව ඇසුවාය.
“දෙන්නෙක් ඉන්නවා නේද?” මද වෙලාවක් කල්පනා කල ඔහු විසිල් පාරක් ගසා තවත් යාලුවෙකුට කතා කළේය.
“දැන් හරි. කොන්ඩ කිරිල්ලි යමු මා එක්ක.” මා දෙස බලමින් ඔහු පැවසුවේය.
“අනේ මට බෑ. මං බයයි. සෙනු ඔයා යන්න.”
“අයියෝ මොකද්ද හලෝ එනව එනව. මේ නංගි එයාව එවන්න.” 
සෙනුරි හිනා වේවි මාව තල්ලු කළාය. මම සෑහෙන අමාරුවෙන් බෝට්ටුවට නැගගත්තෙමි. අපි ගියෙමු. ඇත්තෙන්ම එය ඉතාම සුන්දර විය. ඔහු දෙතුන් වතාවක් මා දෙස බලා සිසාසුනේය.
“නන්ගීයෝ ඔයාගේ ඔය කොන්ඩේ මේකේ ඉන්න මාළුන්ට කන්න දෙනවද?” ඔහු ඇසුවේය.මම වහා හැරී බැලුවෙමි. මගේ දිගු කොණ්ඩය වතුරේ පාවෙමින් තිබුණි.

 .       

 “ඉතින් ඔයාගේ නම මොකද්ද?”
“මම හංසි.”
“මම කවිඳු. ඔයා රෝසි නැන්දගේ හොස්ටල් එකේද?”
“ඔව් අයියේ.”
“එහෙනම් හොඳයි. හවසට හම්බෙමුකෝ.”
මට කුහුලක් ඇති වුනි. ඔහු ඒ කීවේ කුමක්ද? අපි දැන් රවුම් තුන හතරක්ම ගියෙමු. ඔහු අහල පහල සිටියවුන්ට  වැඩ පෙන්නයි. මෙසේ නන්නාදුනන අයෙකු සමග බෝට්ටු පැදීම මට මහත් අපහසුවක් විය. ආව මෝඩකම යයි සිතමින් මම කනගාටු වූයෙමි.
“මේකෙන් මට ඔයා එක්ක හරියට කතා කරන්නත් නෑ යමු ගොඩට.”
මගේ ඇඟට ලේ ටිකක් ඉනුවේ එවිටය. මටත් නොදැනීම ලොකුම ලොකු සුසුමක් පිට වුනි.
“අම්මෝ ඇති යන්තම් නේද. ඔයා බය වුනාද?” ඔහු සිනාසෙමින් කීවේය. මා කිසිත් නොකියා සිනාසුනෙමි.අපි ගොඩට ආවෙමු. ඔහු බිම ඉඳගත්තේය. මම ද ඔහුව අනුගමනය කලෙමි. දැන් දැන් මට බයක් ඇතුළු වෙයි. මන්ද විශ්ව විද්‍යාල වල සිදු වන නවක වදය මෙහිද ඇති බව මගේ සිත කියයි. නමුත් මා සීයට සීයක්ම වැරදිය. ඔහු මා සමග ඉතාම කුළුපගව කතා කළේය. මා සමග බෙහෙවින් හිතවත් විය. අපි ගොඩක් කතා කළෙමු. ටික වෙලාවකින් අප සිටි තැනට තවත් තරුණයෙක් පැමිණියේය.
“වරෙන් වරෙන් මචන් මට ශෝක් නංගියෙක් හම්බුනා. වයින් කරපු බෝනික්කෙක් වගේ.” කවිඳු අයියා මාව හදුන්වා දුන්නේ එහෙමයි. එවිට මට සිහි වූවේ මගේ පොඩි අයියායි. මේ කියමන ඔහුගේ කටේ ද නිතරම ඇති දෙයකි.
“හංසි නගෝ මේ ඉන්නේ ලහිරු අයිය. මගේ ගජය.”
ඔහු මදෙස බලා සිනාසුනේය. මමත් මද සිනාවක් සමග කතා කලෙමි.
“අයියේ අර.” දෙදෙනාම මා පෙන්වූ දෙස බැලුවහ. ලස්සනම ලස්සන ලොකු සමනලයෙක් අප සිටි දෙසට ආවේය. ඌ දිගටම ඇවිත් මගේ උරහිසේ වසුවේය. මං පොඩි කාලේ සිටම සමනලයින්ට පුදුම ආසාවක් දක්වුයෙමි.
“ලස්සන සමනලියෙක් ලඟට සමනලයෙක් ඇවිත්.” මා දෙස බලමින් කිවේ ලහිරු අයියායි. ඒ මුහුණේ සිනාවක් නොවීය. ඒ මුහුණේ අමුත්තක් මම දුටුවෙමි.
“අනේ නංගි  පැටියෝ ඔහොමම ඉන්න හෙලවෙන්නවත් එපා “ මා ඉදිරියට දුවගෙන පැමිණි අමුතු ජාතියේ කැමරාවක් මානා ගත් මහත කොල්ලෙක් පැවසුවේය. ඔහු දිවුවා නොව බෝලයක් මෙන් පෙරලුනි.   
  “මං මෙය පස්සෙන් සෑහෙන දුරක් ආව. අම්මෝ.” ඡායාරුපය ගෙන බිම වාඩි වෙමින් ඔහු කීවේය.
“නුවන් උඹ දැන් ගත්ත මේ කෙල්ලගේ ෆොටෝ ඒකත් දානවද අර උඹේ පොතට? පොඩි උන්ව බය කරන්නෙපා බං.”ලහිරු අයියා තරහක් මවාගෙන පැවසුවේය.
මගේ යෙහෙලියන් පැමිණියෙන් මම එතනින් ඉවත් වීමි. ආපසු නේවාසිකාගාරයට පැමිණෙන අතරමගදී මට සිදු වූ වින්නැහිය සෙනුරි සමග පැවසුවෙමි. ඇත්තෙන්ම අපේ පළමු දිනය වෙනස් සහ සුන්දර විය. එකිනෙකා ලද අත්දැකීම් අපි හුවමාරු කර ගත්තෙමු. එක අයෙක හැර සියල්ලෝම ඉතාම සතුටින් සිටියහ.
“අද ටී පාටි එක අපේ හොස්ටල් එකේ තියෙන්නේ. කට්ටියම ලැස්ති වෙලා එන්න ඕනේ ඉක්මනටම අර හෝල් එකට.”
මිනුරිගේ විදානය අපි සියල්ලෝම පිලිපද්දෙමු.හවස 4 00 වන විට සියල්ලෝම ශාලාවේ එක රැස්ව සිටියෙමු. මේස පුටු දමා සකසා තිබු එහි අපේ අනිත් නේවාසිකාගාර වල පිරිසද ලොකු අයද ඉදගත්තෙමු. මා සමග ඔරු පැදි කවිඳු අයියා කතා කළේය. දීර්ග විස්තර කිරීමකින් අනතුරුව සාම නේවාසිකාගාරයක් සඳහාම නායකයෙක් පත කෙරුණි. අනතුරුව රැස්වීම හමාර කල ඔහු අපගේ අනෙක් නෙවසිකයින් පිටත් කර හැරියේය. ඉතිරි වුයේ අපත් සමග පහලවක් පමණය. මගේ ඇස ඔවුනතර දිව දියේය. මා සෙවුවෙමි නමුත් මා නොදැනුවත්වය.
“හංසි නංගි අපට හොඳ තේ වේලක් ඕනේ. මොකද කියන්නේ?” කවිඳුට ඇත්තේ බ්‍රේක් නැති කටකි. මා දෙස බලමින් ඔහු ඉඟි මැරුවේය. මා නැගිට ගොස් නන්දාවතී නැන්දා ගෙනවිත් තිබු උණු වතුර පෝච්චියෙන් වතුර ගෙන ඇති තරමට කහට එක් කර තේ හැදුවෙමි.
“අනේ මන්ද මේ කෙල්ලන්ගේ නම මතක තියා ගන්න ඒක තරම් අමාරු වැඩක් තවත් නැතුව ඇති බං. අපේ නම ලියු කොලේ ගෙන කියවමින් එක් අයෙක පැවසුවේය. එවිට කොලයට එබුනු කවිඳු අයියා ඇස දෙක උඩ දමා ගත්තේය.
“පොඩි අවුලක්, සෙනුරි මිනුරි, ඔයාලව අදුනගන්නේ කොහොමද? එකම විදියට අදින්නේ. කොහොමද හොයන්නේ? කවුරුහරි කියන්නකෝ.”කවිඳු අයියා මැසිවිලි නැගුවේය. නිවුන්නු දෙදෙනා හයියෙන් සිනාසුනා මිස කිසිත් නොකීවහ. දැන් සෑහෙන වෙලාවක සිට ලහිරු අයියා මං තේ හදන හැටි බලා සිටී. මං ඔහුට පමණක් පෙනෙන ලෙස කන් දෙක ඇල්ලුවෙමි. ඔහු ප්‍රශ්නාර්ථයක් මුහුණේ රඳවාගෙන මද වෙලාවක් සිට මට ඉඟි කළේය. හොඳින් උගුර පාදා කතාව ඇරඹුවේය.
“මොනවද ඔට්ටු. මං ලග තියනවා හොඳ ක්‍රමයක්.” ඔහු බොහෝ අගය කොට කීවේය.       

3 comments:

  1. "අද ටී පාටි එක අපේ හොස්ටල් එකේ තියෙන්නේ...."
    කතාව නම මාරු අනේ ඔයාට කන බොන දේවල් ගැන නම් අමටක වෙන්නෙම නෑ නේද මේවා ලියනකොට....
    හැම කෙල්ලටම කොල්ලෙක්ව පලවෙනිපාර දැක්කම හොතබුවෙක් වගේද දන් නෑ නේද පෙන්නේ.....
    දිගටම ලියන්න...... ජය වේවා!

    ReplyDelete
  2. කතාව ලස්සනට ගලාගෙන යනවා... මරු මරූඌඋ :)

    ReplyDelete
  3. lassana kathawak , anith kotasath ikmanta danna .

    ReplyDelete

කියෙවුවම මොකද හිතෙන්නේ? ලියලම යන්නකෝ.

Related Posts Plugin for WordPress, Blogger...