Friday, August 3, 2012

කොල්ලො ඕක වහපිය.


“කොල්ලෝ, ඔය මලඉලවුව වහල දාපන්කෝ. නැත්තම් මං ඕකට ගහනවා මගෙ මේ හැරමිටියෙන් අම්මප.” 


මේ අපේ ගෙවල් ළඟ අච්ව් අම්ම කෙනෙක්ගේ කටේ නිතරම තියෙන වචන ටිකක්. කොන්ඩෙ කපපු මොඩන් අච්චියෙක් නම් නෙමෙයි. තවම රෙදි හැට්ට අඳින කොන්ඩෙ බැඳපු ආච්චි කෙනෙක්. ඒ ආච්චිගේ ගෙදර ඉන්නවා අවුරුදු දාසයක විතර කොලු ගටයෙකුයි, දෙක වසරේ පොඩි එකෙකුයි. ගොඩාක් දවස් වලට අපේ ගෙවල් අවට කාටවත් රේඩියෝ එහෙම දාන්න ඕනෙ වෙන් නෑ. දැම්මට ඇති වැඩකුත් නෑ ඇත්තටම. අපරාදේ කියන්න බෑ නොමිලේ සින්දු ඇහීමේ හැකියාව අපට තියෙනවා.

සින්දු, ඔයාල දවසකට සින්දු කීයක්‌ විතර අහනවද? සමහරුන්ට නම් ගානක් කියන්න දන්නේ නැති තරමට අහනවා. මොකද කොච්චරවත් කන් දෙක දාගත්ත ගමන්මනේ. උදේ ඉඳන් රෑ වෙනකල් රෑ එලි වෙනකල් අපිට ඇහෙන සින්දු වල මොනවද තියෙන්නෙ? සින්දුවක් කියන්නේ නකම්ම වචන ගොඩක එකතුවක්ද?

අද කාලේ නම් සින්දුවක් කියල කියන්නේ රුප ගොඩක එකතුවකට. ඔය visual කියල කියන්නේ. මං දන්න ගොඩාක් අය නම් වැඩිපුර කැමති සින්දුවේ ඔය කියන visual ඒකට තමයි.දැන් ඉතින් මේ බලන අය වැරදියට තේරුම ගන්නෙපා මේක ලියන මම ඕවට ආස නෑ කියල.ඒත්.......

කනගාටුවෙන් වුනත් මං කියනවා අද කාලේ අපි අහන සින්දු ජනප්‍රිය වෙලා තියෙන්නෙ වැඩිපුරම visual එක හින්ද. visual ඒක නැත්තම් ඒ සින්දුව කියන කෙනා ( ගායනා කරන නෙවෙයි හොදේ.)  කපෝති. මොකද මං නම් හිතන් නෑ මෙලෝ රහක් නැති වචන ටිකක් අහන්න මිනිස්සු කැමති වෙයි කියල. බාගෙට ඇදුම ඇදගත්තු කෙල්ලෝ ටිකක් තමන්ගේ අග පසග පෙන්නලා නටන රූප පෙළකට මිනිස්සුන්ගේ රස වින්දනය කොටු කරන්න මේ මං කියන මෙලෝ රහක් නැති සින්දු සමත් වෙලා. 

සල්ලි ගොඩා....ක් තියෙනවා නම් ඕනෙ කෙනෙක්ට සින්දුවක් කරන්න පුලුවන්. ඒකට මොන දැනුමක්වත් මොන හැකියාවක්වත් ඕනෙ වෙන් නෑ. සල්ලි විසි කරලා ඕනෙම දෙයක් කරන්න පුලුවන් වෙලා. හැකියාව අතින් පොහොසත් සල්ලි බාගේ අතින් දුප්පත් මනුස්සයෙක්ට අද තැනක් නෑ.
වාසනාවට සහජයෙන් හම්බෙන ලස්සන කටහඬකට තැනක් අද නැති වෙලා. මං මේ ලියන දේවල් කොච්චර දුරට හරිද කියල ඔයාල කියන්න. 

කවදාවත් අමතක නොවෙන සින්දු කොච්චර කාලයක් ගියත් මතක තියෙන සින්දු අද බිහිවෙනවා ගොඩාක් අඩුයි. ජෝතිපාලලා, නැන්දා මාලනීල, අමරදේවල, කෙමදාසල, ගොඩාක් ලස්සන සංගීත කලාවක් දීල තියෙනවා. අවාසනාවට ඒ සංගීතයට ආස කරන අය ගොඩාක් අඩුයි. මං මේ විදියට ලියන්නේ ඔවුන්ට අපහාසෙට නෙවෙයි. අනික මට මේ මතක වුන නම් ටිකක් විතරයි.

හිත හොරාගන්න පුලුවන් ලස්සන සින්දු වලට රූප පෙලෙක් අත්‍යවශ්‍ය නෑ. ඒක රස විදින්න කැමති ඕනෙ තරම් අය ඉන්නවා. මං මේ කියන්නේ visual  එපා කියන ඒක නෙවෙයි. වැරදියට තේරුම් ගන්න එපා. ඒවායින් සින්දුව තව ලස්සන වෙනවා. ඒත් visual නැතුව හොඳ සින්දුවක් ජනප්‍රිය වීමේ අඩුවක් මං දකිනවා. 

මං සංගීතයට ගොඩාක් ආස කරන කෙනෙක්. ඔයත් එහෙම ඇති. සින්දු කවදාවත් මැරෙන් නෑ මං දන්නා විදියට. කොච්චර ඇහුවත් මදි කියල හිතෙන්නේ. ඒ වුණාට දැන් හැදෙන සින්දු නම් ගහක පිපෙන මලක් වගේ. මල් උදේ පිපිලා හවස පරවෙලා යනවා වගේ අද හදන සින්දුව දවස් දෙක තුනක් යද්දී ඒක නැති වෙලා යනවා. ඒ වෙද්දී ඒක අහන්න කවුරුත් ආස නෑ. 

මේවා මගේ අදහස්. මට හිතෙන දේවල්. මං වැරදි නම් කියන්නකෝ. බැලුව වගේම මොනා හරි ලියල යන්නත් අමතක කරන්න එපා හොඳේ...... 
    
ප.ලි. මේ නම මගේ සඟයගෙන් හොදේ.           

4 comments:

  1. නව තාලයට කියන සිංදු තනිකරම වගේ ඩිජිටල් ගීත.. විෂුවල් එකෙන් ඒ ගීත ඔතලා ලස්සනට පෙන්වනවා. ඔය කිසිම දෙයක් නැති ප්‍රසංග වේදිකාවක ගයනා කලොත් අහන් ඉන්න එවුන්ට වමනේ ගිහින් තමයි නතර වෙන්නේ...

    මේ ලඟදි දවසක රොමේෂ් ලක්ෂාන් ප්‍රසංග වේදිකාවක නැඟලා 'දිගු දෑස දුටුවාම ...' කියලා සිංදුව පටන් ගත්තා... අහලා ඉවර වෙනකොට මෙච්චර කල් තිබ්බ ඒ ගීයට තිබ්බ ප්‍රතිරූපය එහෙම් පිටින්ම හේදිලා ගියා... මෙලෝ රහක් නැති ගීයක් වගේ හිතුනේ..

    ඒත් ඒ සිංදුව විෂුවල් එකත් එක්ක ඩිජිටර් තාක්ෂනයෙන් ගායනා කලහම පුදුම ලස්සනක් තියෙන්නේ... !!!! මම ගත්තේ එක උදාහරණයක් විතරයි.. ඔය වගේ සහෙන ගොඩක් කියතෑකි.

    මේ ගීත එහෙම උනාට පරණ ගීතයක් ඕනම තැනක එක වගේ ලස්සනට කියන්ඩ පුලුවං ! උදාහරණයකට නිහාල් නෙල්සන් මහත්තයාගේ 'ලස්සනට පිපුණ වන මල්..' කියන ගීය ඕනම තැනක කිසි ගින්නක් නැතුව ගායනා කරන්ඩ පුලුවන් !!!

    මට හිතුන දේ අමුවෙන්ම කොටලා දැම්මා.

    ප.ලි. - යන ගමන් ෆලෝ කරල යනවා ආයෙම එන්ඩ හිතාන. දිගටම ලියන්ඩ !!!!

    ReplyDelete
  2. කතාව ඇත්ත සමහරුට ඔය සින්දු වේදිකාවක කියන්න බෑ... ගොඩක් අය කරන්නේ සින්දුව ප්ලේ කරලා කට හොලොන එක...ඊට පස්සේ කැපිච්ච පණුව වගේ දගලනවා

    ReplyDelete
  3. සහතික ඇත්ත කතාවක්.. ජය..දිගටම ලියමු.. අපි දිගටම එනවා..

    ReplyDelete
  4. අහා අවාසනාවට ඇත්ත කතාවක්. මම නම් හිතන්නේ දැන් හොඳ නිර්මාණ එන්නෙ නැති වෙන්න තවත් හේතුවක් තියෙනවා. ඒ අපේ තනු නිර්මාපකයන් මුලින් තනු හදාගෙන ඉන්න එක. ඒ නිසාවෙන් පද රචකයන්ට සීමාවක කොටුවෙලා ගීතය නිර්මාණය කරන්න වෙනවා. ඒ නිසා නියම අදහස නැති හිරකාමරයකට පිස්සෙක් දැම්ම වගේ වැඩක් තමා වෙන්නේ. කොහොම උනත් මේ යන විදිහ වෙනස් නොකලොත් නම් අපිට අනාගතයේ රසවිඳින්න කියල දෙයක් නම් නැතිවෙන එක නොඅනුමානයි.

    ReplyDelete

කියෙවුවම මොකද හිතෙන්නේ? ලියලම යන්නකෝ.

Related Posts Plugin for WordPress, Blogger...