Thursday, August 9, 2012

ඔයත් සංවේදී ද?


කෙල්ලෝ ගොඩක් වෙලාවට හොටු පෙරාගෙන අඬන ජාතියක්ලුනේ. හැමෝම කියන්නේ එහෙමනේ. බහුතරයකට නම් ඒක ඇත්ත. කෙල්ලෙක් සංවේදී වෙන්නත් ඕනේ ගොඩක්ම. මං දන් නෑ කොච්චර දුරට හරිද කියලා. වැරදි නම් කියන්නකෝ. අම්ම කෙනෙකුගේ දුවෙකුගේ තරුණියකගේ පෙම් වතියකගේ සංවේදීකම මත තමයි ගොඩක් දේවල් රඳා පවතින්නේ. හොඳ හෝ නරක. 


මං මේ දවස් වල ලොකුම ලොකු නිවාඩුවක්නේ ගෙවන්නේ. මේ වෙනකොට සෑහෙන ෆිල්ම් තොගයක් බැලුව. තව බලන්නත් තියෙනවා. ඒවා සපයන්නත් ගොඩක් දෙනෙක් ඉන්නවා. වැඩිපුරම සඟය තමයි. කොහෙන් කොහෙන් හරි හොයන් එනවා අපරාදේ කියන්න බෑ. අපි දෙන්නගේ වැඩේ තරඟෙට ෆිල්ම් බලන එක තමා. තව අපේ ගෙවල් ළඟ නංගියෙක් ඉන්නවා. මේ දවස් වල එයාගේ ෆිල්ම් ටිකට් එක කැපිලා. මොකද එයාගේ කොම්පියුටරේ ලෙඩ ගානේ. ඒ හන්ද එයාට හම්බෙන ඒවත් මට ම තමයි.

ඔය අතරේ මට හම්බුනා හින්දි ෆිල්ම් වගයක්. ඒව එකින් එක බලන් යද්දී.... මගේ ඇස් අහකට ගන්න නොහිතෙන විදියේ ෆිල්ම් එකක් තිබුනා.  සගයාගේ භාෂාවෙන් කියනවා නම් පට්ටම ෆිල්ම් එකක්. මමත් අර මුලින් කිවුව ජාතියේ කෙනෙක් හන්ද ඕක බලල හොටු පෙරාගෙන ඇඬුවයි කියමුකෝ. ඊට පස්සේ මං ඕක සඟයටත් දුන්න. එයාටත් ඕක බලල සෑහෙන දුක හිතිලා. (එයාට කඳුළු ආව විතරයි. ඇඬුවෙ නෑ හොඳේ.) ඇත්තටම කියනවා නම් හරිම අනුවේදනීය කතාවක්.

අපේ අම්ම සෑහෙන්න කාර්යබහුල කෙනෙක්.අම්මල ඉතින් එහෙමනේ. ඔයාගේ අම්මත් එහෙම තමානේ. කොහොම වුනත් මමයි අපේ අම්මයි හොඳ යාළුවො. ගොඩක් දවස වල හවසට තේ කෝප්ප දෙකක් හදාගෙන අපි දෙන්න යනවා මිදුලේ තියෙන ලී බැංකුව උඩට. දන්නවනේ ඉතින් අම්මල දුලාගේ කතා

“අම්මේ, අපි දෙන්න ෆිල්ම් එකක් බලමුද?” මං ඇහුවා. 

“මට වැඩ තියනවා ළමයෝ.”

“ඔයා ඉතින් හැමවෙලේම වැඩ, එක නෙමේ අම්මේ, මාර ෆිල්ම් එකක් තියනවා. මං බැලුව. මාරම ලස්සනයි. ඔයත් බලමුකෝ අනේ.”

“ෆිල්ම් තියනවා නම් වෙන මොකවත් ඕන නෑ. මං නම ඕව බලල අඬන් නෑ ඔයා වගේ. බොරු කතා.” 

අපේ අම්ම මාව දෙකේ කොලේටම දැම්ම. කොහොම හරි මං ඔට්ටුවක් ඇල්ලුවා අම්මත් එක්ක. ඊට පස්සේ දවසේ එයාට ෆිල්ම් එක දාල දුන්න. එයත් බැලුවා. මෙන්න බොලේ ෆිල්ම් එක ඉවර උන ගමන්ම මෙයා දුවගෙන වගේ ගිහින් ඇදේ මුනින් නිදාගෙන හොදටෝම අඬනවා. මට ඉතින් දුකත් හිතුන. මං ඔට්ටුවත් දිනුව. දන් ඔයා අහන්නෙපා ඔට්ටුව මොකද්ද කියල හරිද. මං මේක ලියන වෙලාවෙත් ගම්පහ පැත්තේ ගෙදරක මේ ෆිල්ම් එක බලනවා . 

සංවේදීකම කියන්නේ මහා පුදුම දෙයක්. සංවේදීකම හන්ද කොයිතරම් දේවල් වෙනවද? කාට හරි කරදරයක් වුනාම අපි අදුනන් නැති වුනත් එක අහල පවු කියල කියනවා නේද? තරහ කාරයෙක් වුනොත් නම් හොද වැඩේ කියයි. අඩන්නේ, හිනාවෙන්නේ, තනිකම පාළුව යන්න කියල සින්දු අහන්නේ, ඒව සේරම පැත්තක තියන්නකෝ. බොන මනුස්සයෙකුගෙන් ඇහුවොත් අයි බොන්නේ කියල මොනවා කියයිද? 

මං මේ දන් ලියන දේට නම් සමහර අය ඇවිස්සෙයි. සමහර කෙල්ලෝ නළුවන්ට මැරෙන්න හදනවා නේද? එයාලගේ පින්තුර එකතු කරනවා. එයාල ගැන හොයනවා. ඒක පාර්ශ්විකව ආදරේ කරනවා. එයා ඉන්න ෆිල්ම් එකක් නෑර බලනවා. ඉස්සර අපේ පන්තියේ මගේ යාලුවෙක් හිටියා. එයාගේ වැඩේ ජනප්‍රිය හින්දි නළුවෙක් ගැන කියවන ඒක. මෙයා එක්ක පිරිමි ළමයි හරි තරහයි. හරියට බනිනවා.
කෙල්ලෝ හරි ඉරිසියයි කියනවනේ. ඕක කියන්නේ කොල්ලොනේ. එතකොට අර මං කියපු බනිල්ලට හේතුව මොකද්ද කියල මං කැමති අහන්න. වරදවා හිතන්න එපා ඒක මනුස්ස සොබාවෙනේ නේද? 

මං දවසක් සගයගෙනුත් ඇහුව ඕක ගැන. එයාගෙනුත් ලැබුනේ කලින් කිව වගේම අදහසක් තමයි. කොහොම වුනත් සංවේදීකමක් නැති අය මේ ලෝකේ නැතිව ඇති. මං හිතන විදියට අපට දැනෙන ගොඩක් දේවල් මේ සංවේදීකම නිසාම තමයි. බුදු හාමුදුරුවෝ , රහතන් වහන්සේලා මේ සංවේදීතාවය පාලනය කරපු අය මං හරිද? ඔයා කියන්න. ගොඩක් අය මේ සංවේදී කියන ගොඩට දාන්නේ  “අඬනවා”  කියන හැඟීම විතරයි. මට ඔයාට කියන්න ඕනේ වුනේ ඒක එහෙම නෙමේ කියල. තරහව කියන්නෙත් සංවේදීකමක්. 

අම්මයි තාත්තයි ළඟ ඉන්න වෙලාවක පුංචි දරුවෙක්ගෙන් ඇහුවොත් කාටද වැඩියෙන්ම ආදරේ කියල ඒ පොඩි එකා නොදන්නා කමට කියයි කෙනෙක්ව. එත ඒකෙන අනිත් කෙනාගේ හිත කොච්චර රිදෙනවද? 

හැම දේම සන්වෙදීකමට යටයි. ඔයා මොනවද හිතන්නේ සංවේදී කම ගැන. ලියල යන්න හිතෙන දෙයක් මේ ගැන.
ඒ වගේම මං ඔයාගෙන් අහන්නද පොඩි ප්‍රශ්නයක්? වචනෙකින් දෙකකින් හරි උත්තරයක්‌ දීල යන්නකෝ. 

සංවේදීකමත් සාර්ථකත්වයක් අතර සම්බන්දයක් ඔයාට පේනවද? ඔව් ද? නැද්ද? ඒ ගැනත් අදහසක් තියේ නම ලියන්න.

                ඔව් ද? නැද්ද?   

ප.ලි. ෆිල්ම් එකේ නම නම් අහන්න එපා හොඳේ......           


8 comments:

  1. සාර්ථකත්වයයි සංවේදී කමයි අතර කෙලින්ම නැතත් අනිවාර්යෙන්ම සම්බන්ධයක් තියනවා...
    ඕනම මනුස්සයෙක්ගේ හුස්ම වැටෙනවා නම් ඒ මනුස්සය සංවේදී මනුස්සයෙක්.
    අමනුස්සයෝ ගැන නම් අනේ මන්ද

    ReplyDelete
    Replies
    1. හුස්ම වැටෙන අමනුස්සයො නැද්ද?

      Delete
  2. අපෝ ගෑනු ඈයොන්ගේ ඇඬිල්ල තමා ඉවසන් ඉන්ඩ බැරි. සංවේදිතාව ගොඩක් හොද දෙයක් උනාට සමහර වෙලාවට ඒකත් මල ඇනයක් වෙන වෙලාවල් එමටයි !

    ReplyDelete
    Replies
    1. ආ... ඔව්. ඔව්. ඒකත් ඇත්ත. ඔයාල අඬන් නෑනේ. කඳුළු එනව විතරනේ. කමක් නෑ. එහෙමවත් කියමුකෝ නේද?

      Delete
  3. අයියෝ යාළු ෆිල්ම් එකේ නම නම් ඕනේමයි.. මමත් ෆිල්ම් පිස්සියෙක්.. සංවේදීකම තියෙන්න ඕනේ.. ඒත් තමන්ට වදයක් වෙන සංවේදීකම නෙවෙයි..එහෙම ඒවාත් තියෙනවානේ.. නම ප්‍රසිද්දියේ කියන්න බැරි නම් බුකියේ මැසේජ් එකක් හරි දාන්ඩෝ..

    ReplyDelete
  4. හික්ස්..
    අම්මලත් එක්ක දැං තීන ෆිල්ම් බලන්න පුළුවංද හැබෑට??????

    ReplyDelete
    Replies
    1. ටීකා....ක් අමාරුයි. එහෙම පුළුවන් ඒව හරි අඩුයිනේ. අපි බැලුව එක සාපේක්ෂව හොඳයි.

      Delete

කියෙවුවම මොකද හිතෙන්නේ? ලියලම යන්නකෝ.

Related Posts Plugin for WordPress, Blogger...