Wednesday, March 1, 2017

ළමයි... වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම





ඕනෙම වැඩක් කරන්න ගියාම අපිට පලවෙනි වතාවක් ලැබෙන්නේ එකයිනේ. මමත් ගියා මගේ එක අලුත් පන්තියකට. මේ 8 වසර පන්ති දෙකෙන් එකක්, 8 B.  පලවෙනි දවස මගේ හිතටත් පොඩි චකිතයක් තිබුන. ළමයින්ගේ මුණු වල නම් චකිතයට වඩා තිබුනේ කුතුහලයක්. එයාලට මන් අලුත් වුනත් මමත් තවත් එක් ගුරුවරියක් විතරයිනේ. 

මම පන්තියට ඇතුළු වුනා. ළමයි හැමෝම නැගිට්ටා. මට හැම කෙනෙක්ගෙම මුණු පේනවා. කිසිම කෙනෙක් වෙන වැඩ කරන්නේ නෑ. හැම ඇස් දෙකක්ම මාව නිරීක්ෂණය කරනවා.

“ආයුබෝවන්. හැමෝම වාඩිවෙන්න.”

Image result for beautiful classroom with good kids
හරිම හොඳ ළමයි ටික. හා පැටවූ ටිකක් වගේ. මගේ හිතට මුලින්ම ආව අදහස ඒක. කට්ටියව නමින් අදුනගෙන මාවත් අදුන්වල දීල ඉවරවෙද්දි විද්‍යාව කාලච්චේදය ඉවර වුනා. හිතට ඇති වුනේ ලොකු සතුටක් හොඳ ළමයි ටිකක් ඉන්න පන්තියක් මට ලැබුන කියල.

ඊළඟට 8 A පන්තියට ගියේ කලින්ට වඩා ගොඩක් උද්යෝගයෙන්. කලින් පන්තිය වගේම හොඳ ළමයි ටිකක් මන් බලාපොරොත්තු වුනා. ඒත් මට සෑහෙන්න වැරදිලා.
 Image result for shouting kids in a classroom

පන්තිය ඇතුලට ගියාම කට්ටියක් ඩෙස්ක් උඩ. දෙතුන් දෙනෙක් ගහ ගන්නවා. තව කට්ටියක් බර කතාවක. මේ සේරම කරන්නේ පිරිමි ළමයි ටික. ගැහැණු ළමයි ටික බොහොම අහිංසක විදියට ඉඳගෙන හිටියා

“දැන් මොකද කරන්නේ?” මගේ හිත ඇහුව පලවෙනි ප්‍රශ්නේ ඒක.

“ඒයි බං මැඩම් ආව.”

“ආ අලුත් මැඩම් කෙනෙක්.අර සර් නැද්ද එතකොට.”

“මැඩම් අලුතෙන් නේද ආවේ?”

“ආ මන් මඩම්ව දැක්කා අර කෙරෝලේ අලුත් බිල්ඩිමේ උඩම තට්ටුවේ ඉන්නවා. මැඩම් එහේද ඉන්නේ?”

“එ කොහෙද බං?”

ඇයි බං අර අපි ගස් කන තැන එහා පැත්තේ.”

ඒක එක්කෙනාගෙන් ඒක ඒක ප්‍රශ්න. කතා කෝටියයි.

“හැමෝම නැගිටින්න. මේ පැත්ත හැරෙන්න.” ඒක පාරක් කීව. මගේ සද්දේ හොඳටම මදි. හෙමින් කතා කලත් සෑහෙන දුරකට ඇහෙන කටහඬක් මට ස්වභාවයෙන්ම තියෙනවා. ඒත් ඒක හොඳටම මදි.

කියන්න පුළුවන් උපරිම සද්දෙන් මන් ආයෙත් කතා කළා. ඒ පාර නම් වැඩේ හරි. කට්ටිය පොඩ්ඩක් සන්සුන් වෙන්න ගත්තා

“ආයුබෝවන්.” ඒ මම.

“ආ..යුබෝ...වන්.....” ඒ සද්දෙට මට බය හිතුන අපි ඉන්න බිල්ඩිමේ වහලෙත් ගැලවිලා යයිද කියල.

වාඩිවෙන්න කීවම ආයෙත් කිසිම අඩුවක් නැතුව සද්දේ පටන්ගත්ත. පන්තියේ ළමයි 45ක් හිටිය.වැඩි ප්‍රමාණයක් පිරිමි ළමයි.

කාටවත් මන් කියන්නේ මොනවද අහන්න ඉස්පාසුවක් නෑ. පලවෙනි දවසේ යකෙක් වෙන්නත් බෑනේ. හුණු කුර අරගෙන මන් මගේ නම් බෝඩ් එකේ ලීව. තමන්ට පුළුවන් උපරිම හයියෙන් ඒක කියවන්න පටන්ගත්ත. මගේ නම ලවුඩ්ස්පීකර් එකක් දාල කීව වගේ.

කොහොමහරි එයාලගේ පලවෙනි විද්‍යාව කාලච්චේදය හමාර කරලා අපහු එද්දී මගේ කන් දෙකට ලොකු සහනයක් දැනුන. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ළමයි කියල කියන්න පුළුවන් පිරිසක් මගේ විද්‍යා පන්තියේ ඉන්නවා. මුළු 8 ශ්‍රේණියේම ඉන්න සද්දේ වැඩිම පිරිස තෝරලා මේ පන්තියට දාල කියලත් කියන්න පුළුවන්. ඒත් මේ අහම්බයක් හොඳේ. වැදගත්ම දේ, මේ පිරිසම තමයි ගොඩාක්ම දක්ෂ, කඩිසර, කාර්යශුර. අද වෙද්දී මට ඒ දේ හොඳටම පැහැදිලි වෙලා තියෙනවා. එක මොහොතක්වත් එක විදියට ඉන්න එයාලට බෑ. වැඩියෙන්ම බැනුම් අහන පිරිස බවට පත් වෙලා.     

මේ වෙනකොට මම එයාලගේ සද්දෙට හොඳට පුරුදු වෙලා. එයාල පිටිපස්සෙන් දුවන්න පුරුදු වෙලා. එයාලට වඩා හයියෙන් කෑගහන්න පුරුදු වෙලා. එකම ප්‍රශ්නෙකට තියෙන්නේ මට එයාලට සැර කරන්න හිතක් නෑ. එ නිසා මන් එයාලගේ හොඳ මැඩම් වෙලා. ඇත්තම කිවොත් ඒක මට වෙලාවකට ලොකු අවාසියක්. එයාලගේ කතා වලට හිනා නොවී ඉන්න මන් ගොඩක් උත්සහ කරනවා. ඒත් තවමත් මන් අසාර්ථකයි.   

මධූ

2 comments:

  1. ඔබ තුමියත් පුංචි කාලේ ඕම තමා කෑ ගහන්නේ

    ReplyDelete
    Replies
    1. ඔබතුමා කොහොමද දන්නේ....?

      Delete

කියෙවුවම මොකද හිතෙන්නේ? ලියලම යන්නකෝ.

Related Posts Plugin for WordPress, Blogger...