Monday, July 30, 2012

ආදරයක අත හිත.....




ආදරය කියන්නේ ගොඩාක් ලස්සන වචනයක්. අපි කවුරුත් ආදරය ලබන්න ආදරේ කරන්න ගොඩාක් කැමතියි. මං මේ ලියන හැම දෙයක්ම ගොඩාක් ආසාවෙන් ලියන්නේ. මං ලියන දේවල් ගැන ඕනෙ කෙනෙක්ට ඕනෙම දෙයක් හිතන්න පුලුවන්. ඒක ඔයාගේ නිදහස. මේක මගේ නිදහස. මේ ලියන දෙකින් කාගේවත් හිත රිදෙනවටවත් මේ දේවල් පාවිච්චි කරලා කවුරුත් කාගේවත් හිත රිදවන්න උත්සහ කරනවටවත් මගේ කිසිම කැමැත්තක් නෑ. 


මගේ සඟයා ගැන මං මේ වෙද්දී පුංචි කතා දෙකක් ලියල තියෙනවා. ඒ දේවල් මං ලියන්නේ ගොඩාක් ආදරෙන්. කවුරුහරි දකිනවා නම් මං එයාව හෑල්ලුවට ලක් කරනවා කියලා. එයාට තව ටිකක් හිතන්න වෙනව.
මේ දක්වා මගේ ජීවිතේ ආදරේ පැත්තෙන් මං ගොඩාක් වාසනාවන්තයි. ගොඩාක් පෝසත්. අඩු නැතුව ඒ දේ මට හැමදාම ලැබුනා. අදටත් එහෙමයි. මගේ සඟයාගෙත් මගෙත් ආදරේට සෑහෙන වයසයි. ඒක ගොඩාක් ලස්සන විස්වාසනීය ආදරයක්. නව කතා පොත් වල තියෙන ආදර කතා වගේ නම් නෙවෙයි. මට හමු වුන ගොඩාක් සුන්දර ආදරණීය මනුස්සයෙක්.
 
එදා ඉදන් අද දක්වා ම පුලුවන් හැම වෙලාවේම උපරිමයෙන් මං ගැන බැලුවා. එයා ජීවිතේ ගොඩාක් කැප කිරීම් කරපු කෙනෙක්. ඒ මොනවද කියල මගේ හදවත හොදට දන්නවා. ඒ වගේම මටත් මගේ ජීවිතේ අදුරු පැත්තටත් එලිය දීපු කෙනෙක්. ඒ දේවල් කවදාවත්ම අමතක වෙන්නේ නෑ. අමතක කරන්නත් බෑ. මං කෙලෙහි ගුණ නොදන්නා කෙනෙක් නෙවෙයි. අනිත් අය අනුකම්පා කරද්දී මට ආදරේ දුන්නු කෙනෙක්. අනුකම්පාව කියන වචනෙට පවා මං වෛර කරපු කාලයක් තිබුණා. ජීවිතේ කලකිරුණු කාලයක් තිබුණා. තනියම නැගිටගන්න බැරි වුණු කාලයක් තිබුණා. සමහර දේවල් තියනවා උත්තර හොයන්න බැරි. උත්තර නැති. ඒ හැම වෙලාවකම තමන්ගේ වාසිය හිතන්නේ නැතුව බොහොම නිහතමානී විදියට මා ලඟින් හිටපු ඒ චරිතයට මං ගොඩාක් කැමතියි. මට දුන්නු හයිය ගැන කියන්න වචන මදි. මං දන්නා තරමින් අම්මට කියන්න බැරි දෙයක් ගෑනු ළමයෙක් ළඟ තියෙනන බැහැ ඉස්කොලේ යන කාලේ හිතේ ඇති වුණු ආදරයක් හැරුනම. එහෙම නේද? ඒ වුණාට හැමදාම හිතින් දුක් වීඳින අම්ම කෙනෙක්ට තව තව දුක් දෙන්න දරුවෙක්ට පුලුවන්ද? එහෙම ප්‍රශ්න මිනිස්සු ළඟ තියෙනවා. ඇත්ත ජීවිතේ. මං මේ ලියල තියෙන දේවල් සමහර අයට ග්‍රීක් වගේ වෙයි. දන්නා අය තේරුම් ගනීවි. නොතේරෙනවා නම් තේරුම් ගන්න උත්සහ කරන එකෙන් වැඩක් වෙන් නෑ කියලත් මං මතක් කරනවා. 
 
පුංචි කතාවකින් පුංචි සිද්දියකින් අපේ ජීවිත තේරුම් ගන්න කාටවත් ම බෑ. එච්චර සරල නෑ. ප්‍රසංසාවට ලැබිය යුතු තැනැත්තා එය ලැබිය යුතුමයි. මෙය අතිශයෝක්තියක් නොවේ. මං මේ ලියන දේවල් ගොඩාක් ආදරෙන් එයා කියවනවා කියල මං දන්නවා. කොහොම වුනත් ආදරය කියන වචනේ හරි තේරුම තේරුම් ගන්න උත්සහ ගන්න කියලා මේක කියවන ඔයාගෙන් මං ඉල්ලනවා. ඒක කාගෙන්වත් අහල දැනගන්න පුලුවන් දෙයක් නෙවෙයි කියල මං ගොඩාක් විස්වාසයෙන් කියනවා. 

ඒක අපි අදුනගන්න ඕනෙ දෙයක්.
                                             ඒක හදුනා ගැනීම ඔයාට බාරයි.........        

3 comments:

  1. "ආදරය හදුනාගන්න ඕනේ දෙයක්" ඒකට මමත් එකගයි.

    ReplyDelete
    Replies
    1. අදුනගන්නත් ටිකක් කට්ට කන්න වේවි. ඔබේ එකඟතාවට මගේ ප්‍රණාමය!!!!!!

      Delete

කියෙවුවම මොකද හිතෙන්නේ? ලියලම යන්නකෝ.

Related Posts Plugin for WordPress, Blogger...