Wednesday, October 3, 2012

මිහිරි සත්සර දෙවැනි කොටස


“සුදු අයියේ......”
“මොකද කොල්ලෝ බෙරිහන් දෙන්නෙ? මං ලොක්කගේ කාමරේ.”
“ඉක්මනට එන්ඩෝ.... ලොකු බේබි නැටුං තෙල් ගහන් ඇවිත්.” මොකක්. මොන ගිනි ගෙඩියක්ද මේ. මූ කවදාවත් බීල ඇති එකෙක්යැ. 

“මොනවද යකෝ මේ කරන්නෙ. දැන් ඉතින් අර පොඩි කුමාරිහාමි අප්පච්චිගෙ කනේ තිබ්බම ඔක්කොම හරි.” මං කීවෙ මුගෙ ඔලුවේ දෙහි කෑල්ලක් අතුල්ලන ගමන්.
“උඹ ගෙට ආවෙ හතර ගාතෙන්. ඒ මදිවට අහල ගන් හතකට ඇහෙන්න විලාප තිබ්බ. බුදු අම්මෝ මතක් වෙද්දීත් මාව වෙවුලනව. නැද්ද කරුංක.”
“කියල වැඩක් නෑ ලොකු බේබි. මාත් හොඳටම බය වුණා. ලොකු බේබි නැටුං තෙල් ගැහුවෙ පහල කිතුලෙන්ද? අපේ වෙද සීය දවසක් කීව පහල කිතුලෙ ගිහිං එන උන්ව ගෙට ගන්ටෙපා කියල.” මුගෙ කතා වලට කාටද හිනා නොවී ඉන්ට පුළුවන්.
අයිය දැන් ගෙදරමයි. ඒකෙන් මාත් ගොඩ. අවුරුද්දකට කලින් රාජ සන්තක වුනු බයික් පැදීමේ අයිතිය නිල නොවන විදිහට අයිය හරහා මට ලැබෙනවා. හැබැයි ඉතින් එලෝ කොටියට අහගන්න ඕනෙ.
“ඇත්තටම උබට ලජ්ජා නැද්ද බං.ගිය අවුරුද්දෙ අඩු දෙකක් උඩ එල්ලගෙන මාස ගානක් ඇඳේ උන්න. තව පලයන්. තව පලයන්......” බයිසිකලේ යතුර ඉල්ලද්දී ඕක ටේප් ඒක වගේ හැමදාම කියනවා. හැබැයි අද නෑ.
“පුතා, ඔයාගෙ හංස රාජිණී පොඩි වෙනසක් කරන්න හිතෙනව මට. කොහොමද අකාරයෙන් ෆීමේල් වොයිස් කලොත්.”
“වෙනසක් තිබුනොත් හොඳා සර්. මාත් හිතුව මොනා හරි කරන්න ඕනෙ කියල. ඒත් නෝ අයිඩියා සර්. කරලා බලමු.”
“පුතේ මිහිරි, අර මං කිවුව වැඩේ කරලා බලමුද? එන්නකෝ.”
වැඩේ හිතුවට වඩා පට්ට සාර්ථකයි. මිහිරි මිහිරිම තමා. කොච්චර තරහ වුනත් ඒ කටහඬට ගහන්න කෙනෙක්ට ලේසියෙන් බෑ.
“මිහිරාවියේ...  සිහින කුමරී. මගෙ ආදරේ ඔබයි කුමරී.....”
“අනේ මේ නවත්තගනින් උඹේ මල ඇඬියාව. මේකට කෙල්ලෙක් දැක්කොත් මතක් වෙන්නෙම සින්දු කෑලි. උඹ ගිටාර් පප්ප වුනාට සින්දු කියද්දී තල් අත්තට බොරළු ගහන්නහේ.” මං කීවෙ මගෙ ගජයගේ කට වහන්න.
“මිහිරි මොනවත් ප්‍රශ්නයක්ද? මොකෝ පැත්ත ගහල ඉන්නෙ.”දැන් ඉතින් කියයි ඔලුව රිදෙනවා කියල. ඔය උත්තරෙත් අර හැට හතරෙන් එකක්ද දන් නෑ. 

“කෝකිලා අක්කට ප්‍රශ්නයක්. අයිය තරහ වෙලා. එයා ලොකු හිතේ අමාරුවකින් ඉන්නෙ. කියන්නෙත් නෑ ඇහුවට හරියට. මටත් මොනවත් කර කියාගන්න බෑ. ගදර ඉන්නත් බෑ වගේ. මට ඉන්නෙ අක්ක විතරනෙ. හරියට කතාකරන්නෙත් නෑ. එයාව දැක්කම හරි දුකයි.” ඒ කතාවට නම් මගෙ සරුවාන්ගෙම හිරිවැටිලා ගියා. මොකද අපේ එකත් ඇත ඇරියෙ කොකිලාවියක්මනේ. ඉස්සර පන්ති ආව කෝකිලා අක්කගෙ නන්ගිද මිහිරි? ඒ කෝකිලා මේ කෝකිලා එක්කෙනෙක්ද දෙන්නෙක්ද?
මේ වෙලාවෙ කලබල වෙලා බෑ. මාළුවා නහින්නෙත් කට හින්ද කියන්නෙ කට කහනවටයැ. මිහිරි කියන්නෙ මං දන්න කෝකිලා අක්කගේ නැඟී වුනොත් මේකි මාව පෙති ගහයි. හැබැයි ඉතින් ඒක දවසක්වත් කෝකිලා අක්ක එක්ක මිහිරි ආවේ නෑ. අක්ක නවතුනාම නංගි ආව වෙන්ඩත් බැරි නෑ. කොහෙද ඉතින් මිහිරි ආව දා ඉඳන්ම මා එක්ක එල්ලෙනවනේ. 

මං ඉතිං ඒ හූනව වයලින් පෙට්ටියට දැම්මේ එයාව බය කරන්න නෙවේනෙ. මිස් කටුස්ව බය කරන්නනේ. එයාගෙ වෙලාවට පන්තියට ආව දාම එයාටම ඒ පරිප්පුව සෙට් උනා. එදා ඉඳං කැත්තට පොල්ල වගේ තමා.
“හෙලෝ, මේ අයියෙ බං අර කෝකිලා අක්කට නංගියෙක් ඉන්නව නේද? ඒ නංගිව උඹ දන්නවද?”
“අහන දේට උත්තර දීපන්කො උඹට ඒ පණ්ඩිතකං වලින් වැඩක් නෑනෙ.”
“නෑ..... උඹට ෂුවර්ද?” මගෙ ඉහ මොළ රත් වුණා.
“කොල්ලො තව අනෝද මල් ටිකක් උස්සන් වරෙන්කො. මේවා හෙන රහයි බං.” අත්තම්ම කැවිලි හදනවා. එයා අපේ ඔය මහා කුමාරිහාමිලා වගේ ජැන්ඩි පහට ඇඳලා සාලෙට වෙලා පුටු රත් කරන් නෑනෙ. එයාටත් තියෙන්නේ වලවූ පෙළපතක් වුණාට එයා ඕව සතේකට මායින් කරන් නෑ. ගෙදර හැමෝටම වඩා මං එයාට පුදුම ආදරෙයි. එයා හිටපු විදුහල්පතිනියක්.
“සුදු අයිය ඔහොම කෑවොත් නම් හෙට ගෙනියන්න දෙයක් ඉතුරු වෙන එකක් නෑ.”
“අනේ මේ කට වහන හිටහන් බං අත්තම්ම ඇති වෙන්න හදල ඇති. ඇරත් හෙට කන්නෙත් අපේ එවුන්මනේ ඒ හන්ද වැඩිය ඕන නෑ. මේ ඒක නෙමේ තාම වැලිතලප හදල ඉවර නෑ?”
“නෑ පිට්ටුව ලිපේ තිබ්බේ දැන්. සුදු අයිය මාර පෙරේතයෙක්නේ. ඔහොම කාල බඩේ ගාය හැදෙයි. සුදු අයියට බඩේ ගාය හැදුනොත් මං බේත් දෙන්නම්.” මූත් දැන් හෙන පණ්ඩිතයෙක් වෙලා උඳු ටොක්කෙක් වගේ වුණාට.
“කොල්ලො ඒක නෙමේ. පොඩි කේස් එකක්නෙ. අත්තම්මව එක්ක වරෙන්කො පුළුවන් නම්.” මගෙයි කරුන්කගෙයි දුක් ගන්නා රාල අත්තම්මනේ. මේ පාරත් එයාගෙ පිහිටම තමයි. අකුරක් නෑර මං අත්තම්මට කීව. අම්මෝ.... ලොකු බරක් නිදහස් වුනා වගේ.
අත්තම්මගේ මූලික උපදෙස් පරිදි මං ඉදිරි පියවර ක්‍රියාත්මක කළා. අපේ එකාගෙ තොප්පිය මට වැටෙන්න කලින් මං මිහිරි එක්ක සාම ගිවිසුමක් ගහන්න තීරණය කළා. වැඩේ ලේසි වෙන් නෑ.
“මිහිරි, මට ඔයා එක්ක චුට්ටක් කතා කරන්න පුලුවන්ද?” අද නම් රැස් ටිකක් බැහැලද කොහෙද? වෙනදට මං කතා කළත් ගස්සනවනෙ.
“මේකයි මං කතා කරන්නේ ඔයාගේ අක්කගෙ ප්‍රශ්නේ ගැන.” කෙල්ලට පුදුමයි. ඒ කියන්නෙ මෙකි දන නෑ වැඩේ.
“කෝකිල අක්ක ගොඩක් හොඳ කෙනෙක්. එයා යාලු වෙලා හිටියේ මගෙ අයිය එක්ක. මං කියන්නෙ මාත් එක දැනගත්තෙ මේ ඊයේ පෙරේද. ඇත්තටම මේක අයිය කැමැත්තකින් කරපු දෙයක් නෙවේ. ඔයාගේ අක්ක අපේ ගෙදර තත්වේ දන්නවා. එහෙ ගොඩක් නීති.” මං කියාගෙන ගියා.
“මං එයා වුනා නම් කවදාවත් මං කවදාවත් ඔය වැඩේ කරන් නෑ. අපේ අම්මයි අප්පච්චියි හරි තදයි. එයා මං වගේ නෙමේ.”
“අක්ක අරුණයියත් එක්ක තරහෙන් ඉන්නෙ. එයා අඬ අඬ බැන්න. අරුණයිය එයාව තේරුම් ගන්නෙත් නෑලු. ඊටත් වඩා එයාට තරහ ඔයාලගේ අප්පච්චි එයාට අම්ම අප්පා නැති එකී කියා කියා බනිද්දි අරුණයිය සද්ද නැතිව උන්න එකට. මට ඉන්නෙ අක්ක විතරයි. එයා මැරෙන්නෙ නං නෑ. ඒ වුණාට එයා එයාගෙ හිත මරාගන්නවා. එයාල යාලු වෙලා දැන් අවුරුදු හතකටත් වැඩී. එහෙවු එකේ කොල්ලෙක්ට කොහොම වුනත් කෙල්ලෙක්ට අමහක කරන්න බෑ.”
මෙහෙම වෙලාවට තමා මට හිතෙන්නේ අපේ අප්පච්චිට ජාතිය අමතන්න. අර හරක මට කීවෙවත් නෑ අප්පච්චි එහෙම කළා කියල.
ගේ දොර ඉඩ කඩම් හරක බාන පෙළපත පවුලේ නම්බුව විතරයි එයාට ඕනෙ.මට අන්තෙටම කලකිරුන. අර පොඩි එකාට උගන්නනවට සලකනවට කොච්චර දෙස් දෙවොල් තිබ්බත් තමන්ගේ ළමය ගැනවත් උගේ පැත්තෙන් හිතන්න බැරිද ඔය ලොකු හාමුට.
අතිශය කාර්යබහුල සතියක්. ආත්මාර්ථකාමී සතියක්. මොකද, අපේ මන්ගල්ලේ ලඟයිනෙ. අත්තම්ම කරුන්කත් එක්ක මට පුර්ණ අනුග්‍රහය දුන්න. අපරාදෙ කියන්න බෑ. එකටත් එක්ක මට ඉන්න එකම නංගි. මගෙ පැත්ත බලන් නෑ. වතුර උගුරක්‌ දෙන්න අහන නෑ. මෙහෙම නංගිලා වාසනා කොරන්ට ඕනෙ.
“මොකද්ද හලෝ සෙක්කුව වගේ ගෙයි කැරකි කැරකි ඉන්නෙ. දෙනවකො පොඩි සප් එකක් මේ මල වැල් ටිකවත් හදාගන්න.”
“මට බෑ ඕව කරන්න. ඔය ඉන්නෙ කට්ටිය. අපි මොකටද? ඔය කෝලං නටන් නෑ අපි ඔයා වගේ.”
“මට කියන්න ජාති කොච්චර කටට එනවා. ඉවසපන් කට කියල ඉන්නවා. මේකිව ගෙනියන එකාට දෙයියන්ගේ පිහිටයි. මේකිගේ දෑවැද්දට අපේ අප්පච්චිට මුලින්ම දෙන්න වෙන්නෙ වැඩ කාරයෙක්. නැද්ද අත්තම්මේ. මං නං කවදාහරි බඳින්නෙ අත්තම්ම වගේ දක්ෂ කාර්යශුර ඔයා සීයට ආදරේ කළා වගේ මට ආදරේ කරන කෙනෙක්.”
“ඕං ඉතිං මාව උඩ තියනවා. හැබැයි පුතෝ එහෙම කෙල්ලෝ හරි අඩුයි. මට එක්කෙනෙක්ව නම් හම්බුනා. හැබැයි ඒකි සුදු පුතාට හරි යන් නෑ.”
“ඈ අත්තම්මේ කවුද කෙල්ල...... කාටද හරියන්නෙ.......”
                   පලවෙනි කොටසට මෙතනින් 
            -තව එකෝම එක කොටසයි හොඳේ.-

18 comments:

  1. ලස්ස්න කතාවක් වගෙ ඉතිරියත් කියවලාම බලමුකො....

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් තව ටිකයි. බලමුකෝ යාලු.

      Delete
  2. පලවෙනි කොටස කියවා නොමැති නිසා කතාව තේරුනේ නැත.
    ඒ කොටසත් කියවා කමෙන්ට් කරන්නම් :)

    ReplyDelete
    Replies
    1. හොඳමයි.... ඒකත් කියවලම බලන්නකෝ

      Delete
  3. උඩින් පලවෙනි කොටසේ ලින්ක් එකත් දැම්මනම් හොදයි නේද??එන අයට ලේසි වේවි!:)

    ReplyDelete
    Replies
    1. එව මගේ ප්‍රමාද දෝෂ යාලු. මතක කොලාට තැන්කූ ඕං.

      Delete
  4. පලවෙනි එක මිස් වෙලාද මන්දා..
    බලමු මුල ඉදං...

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් මිස් වෙලා නේන්නම්. බලලම එමුකො.

      Delete
  5. ගොඩ වැදුනේ අද...බොහොම ලස්සනයි.ආයිත් එන්නම්.
    http://samakayawate.blogspot.com

    ReplyDelete
  6. ආවඩා ආයුබෝ කියල පිලිගන්නවා. ආයෙත් එමුකො.

    ReplyDelete
  7. හි හි..මරු මරු..
    මට මේ ලෝකෙන්ම පේන්න බැරි සතා නම් හුනා තමා එර්ර්ර්ර් :/

    ReplyDelete
    Replies
    1. අපෝ යාලු මටත් එහෙමමයි. ඒකමයි එයාවම තොරගත්තෙත්.

      Delete
    2. මාරයි හූනා ගේ වාක්‍ය රචනාව දන්නවද......

      Delete
    3. ම්හ් ඒ මොකද්ද අනේ ඒ?

      Delete
  8. මුලින්ම ආවේ අදද කොහේදෝ... නියම පෝස්ට් ටික...

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ අලුත් මල්ලි. සාදරයෙන් පිලිගන්නවා. ආයෙත් එන්නකෝ.

      Delete
  9. ම්ම්ම් මුල ඉදන් බලලාම කියන්නම්කො////

    ReplyDelete

කියෙවුවම මොකද හිතෙන්නේ? ලියලම යන්නකෝ.

Related Posts Plugin for WordPress, Blogger...