Friday, October 26, 2012

සමාලෝචනයක්......



“මොකද්ද බං ඒ? මට නම් මෙලෝ මල ඉලවුවක් තේරුනේ නෑ. ඕකෙන් මොකෙක්හරි අවස්ථා සම්බන්දෙ ගැන ප්‍රශ්නයක් ඇහුවොත් එහෙම කොරම තමා.”

ඔය මගෙ ගජයෙක්. එයා එයාගෙ කොමෙන්ටු දෙන්නෙ මගෙ මූණටමයි. අයෙ ඉතිං ඇට්ටි හැලෙන්න දෙනවා අපරාදෙ කියන්න බෑ. එයා ඔය අදහස් දක්වන්නෙ මිහිරි සත්සර ගැන. ගිය වතාවේ මං ලියපු අබරන් රොසලින් ආදර අන්දරය ගැන නම් එයාගෙන් නියම ප්‍රතිචාර ලැබුණ. 

මටත් හොඳ වැඩේ. කලබල වුනාම කොරොස් කටෙත් අත දාන්න බෑ කියනවනෙ. මිහිරි සත්සර ලියන දවස් ටිකේ මට මදි නොකියන්න වැඩ තිබුණ. ඒ හන්ද නිවී සැනසිල්ලේ ඕක ලියාගන්න මට වෙලාවක් තිබුනේ නෑ. යමින් එමින් තමයි ලිවුවෙ. අනික මට මාර හදිස්සියක් තිබුනෙ මේක ලියල ඉවර කරන්න.අනිත් අවුල තමයි ඔලුව නිකං කම්මල වගේ වෙලා තිබුණු හන්ද අග ලියනකොට මුල මතක නෑ. ඒ හන්ද සිද්දි ටික ආව පිළිවෙල අවුල් වුණා. හිතපු කතාව නෙමෙයි මගෙ අතින් ලියවුනේ.

මුලින්ම මේ අදහස දුන්නු මී ගොඩ යාලුට මගේ උත්තමාචාර. මට මෙහෙම දෙයක් හිතුනේ නෑනේ. හැබැයි ඒක කරන්න පුළුවන් කියල මං තේරුම් ගත්ත. ඒකෙන් තවත් ලොකු හොඳක් වුණා. කතාවක් ලියද්දි වෙන්න පුළුවන් වැරදි ගොඩක් මට හොයාගන්න කට්ටියගෙන් උදවු ලැබුණ. හිතේ කිසිම කහටක් නැතුව ඒ ගැන හදවතින්ම සන්තෝස වෙනව. ඒ අයට දෙවනුව මගේ උත්තමාචාර. 

පුදනකොටම කාපී යකා න්‍යාය දන්නවද? මුලින් අසාර්ථක වෙන ගොඩක් දේවල් ඊලග පියවරේදී නොහිතෙන තරමට සාර්ථක වෙනව. ඔයාලට කොහොමද දන් නෑ. මට ඒක එදා ඉදන්ම එහෙමයි. ඒ නිසා මං ආයෙමත් ඒ වැඩේ කරන්න හිතුව. තව ටික දවසකින් බලන්න බැරියැ ඒකෙ රඟ. 

මං මේ බ්ලොග් ලෝකේ තවම ලේ හත්තක් වගේ අලුත උපන් කිරි කැටියෙක්නේ. මාව කියවන ඔයාල හැමෝටම ගොඩක් ස්තුතියි. ලියන්නන් වාලෙ ලියන්න ඕනෙ නෑ. කැම්පසුත් පටන් ගත්ත හන්ද එලෝ කෝටියට වැඩ. එහෙමයි කියල ලියන එක නවත්තනව කියන්නෙ මැටි වැඩක්නෙ. ඉඩක් ලැබුන හැම වෙලේම මොනවා හරි කුරුටු ගාන්න බැරියැ.   

මේ එක ලිපියක් කියවල ඔයාලගෙ හදවතට අවංකව දැනෙන දේ ලියල යන්න තරම් නිහතමානී වෙනව නම් ඒක ලොකු දෙයක්. මං විස්වාස කරන දෙයක් තමයි ලියන්නෙ කියවන්න කැමති කෙනෙක්. මං ආසයි ගොඩක් දේවල් උත්සහ කරලා බලන්න. හැබැයි ලේසි වෙන් නෑ. හැමෝම හොයන්නේ සාර්තකත්වයනේ. මටත් ඒක පොදුයි. එ නිසාම මං විවේචන වලට කැමතියි. 

අපිට ගොඩක්ම සමීප දෙයක් ලියද්දි ඒක තමන්ට තරම් හොඳට වෙන කාටවත් ලියන්න බෑ. මෙහෙම හිතන්නකෝ. මං ලබපු අත්දැකීමක් මං විස්තර කරනව. මං ලියපු දේ ඔයා කියවල ඒක තව කෙනෙකුට ඔයා විස්තර කරනව. ඒත් ඔයා කියන දේ මං ලියන දේ තරම් සාර්ථක නෑ. මොකද ඒ අත්දැකීම තියෙන්නෙ මටනේ. ඒ නිසා ඔයා අතින් මොකක්ම හරි අඩුවක් වෙනව. හා නැද්ද? මං වැරදි නම් කියන්නකෝ.

එහෙනම් මේ පැත්තෙ ආවට ගොඩක් ස්තුතියි. ආයෙත් එන්නකො. ආ..... මතක ඇතුව කොමෙන්ටුවකුත් දාලම යන්න හොඳේ.
   


6 comments:

  1. ඔබගේ උත්සාහයට මගෙන් සුබ පැතුම්..
    එන්න සමකය වටේ

    රවුමක් යන්න

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි ඔයාටත්.

      Delete
  2. සුබ පැතුම්..!! :)

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ ප්‍රමු.

      Delete

කියෙවුවම මොකද හිතෙන්නේ? ලියලම යන්නකෝ.

Related Posts Plugin for WordPress, Blogger...