Thursday, September 13, 2012

මගේ ප්‍රණාමය


තුන් මාසයක් තිස්සේ ආ මේ                       ගමන
සොඳුරුය සැහැල්ලුය මසිතට සතුට              දෙන
ඔවදන සවිය නොඅඩුව දුන් සෑම                   දෙන
තුති මල් පුදමි ඔබ වෙත මගෙ මුළු                හදින

බ්ලොගයක් ලියන අදහස මා වෙත              දුන්න
මගෙ තුති ඔබට දෑතම එක් කොට                ගමින
වැලි කතරට දිය දෝතක් සේ                      වැටුන
සිසිලස ගෙනේ පාලුව සිත හැර                  යන්න


කවියක කතාවක මියුරුව විඳ                      ගන්න
නිසල ගං දියෙන් දෝතක්                       පුරවන්න
මට හැකි නම් ඔබගේ සිත                     සනහන්න
ඒ ඇති මගේ සිත සොම්නස                   උතුරන්න

දොම්නස සතුට භීතිය මා සිත                    වෙලන
අහන දකින දේ මා වට සිද්ධ                        වෙන
අලුත් දෙයක් ඇත්නම් මා මුල                       පුරන
කැමතිමි ඔබත් සමගම එය බෙද                  ගන්න

විසි එක් වියැති මාගේ මේ සිත්                    දැහැන
ඔබ නොදනිතත් දුක් කඳුළැලි ඇත               පිරුන
පුංචි වුණත් මහ සතුටකි මට                        නිතින
මගේ ප්‍රණාමය සුමිතුර ඔබ                          නමින

අද මට ගොඩක් සන්තෝසයි. හේතුව ඔයාලට හිතාගන්න පුළුවන්නේ. දහස් දෙනෙක් පිටු පෙරලලා. ඔයත් බ්ලොග් එකක් ලියනවා නම් ඔයාටත් මට අද වගේ දවසක් තියෙන්න ඇති. මට නම් ගොඩක්ම සතුටුයි. අද වෙනකල් මං ලියන දේවල් වලට නිර්ලෝභීව අදහස් පල කරපු ඔයාල හැමෝටම මම මුළු හදවතින්ම ස්තුති කරනවා. මගේ පුංචි ලෝකෙට මේක ලොකු ජයක්. ඒ වගේම ගොඩක් වටිනවා.

ප ලි.    ඔයාලගේ රස වින්දනයට බාධා කළා නම් සමාවෙන්න මට. අබරන් රොසලින් ආදර අන්දරයේ අවසාන කොටස ඉක්මනින්ම දෙන්නම්. අද මට විශේෂ දවසක්නේ. ඒ නිසා චුට්ටක් ඉවසන්න හොඳේ.    






15 comments:

  1. ජය වේවා දහස් දස දහස් ගණනින් පිටු පෙරලේවා

    ReplyDelete
  2. ගොඩක් ස්තුතියි හොඳේ. හරිම සන්තෝසයි.

    ReplyDelete
  3. ජයවේවා ඈ....
    ඉදිරියත් සුභම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා...

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි හොඳේ....

      Delete
  4. හැමදාටම ජයෙන් ජයම වේවා!
    මුළු හදවතින්ම-හිරු- :)

    ReplyDelete
    Replies
    1. ගොඩක්ම ගොඩක් ස්තුතියි හිරු. ඔයාටත් ජයෙන් ජය.

      Delete
  5. දස දහස් ගනනින් පිටු පෙරලේවා !
    ජය වේවා !

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. යාලු ඔය නිර්ලෝභී වචන වලට. පොඩ්ඩක් වැඩි වුනාද මන්ද. හී .හී....

      Delete
    2. අපෝ නෑ... තාම වැඩි උනේ නෑ..

      Delete
  6. සුබ පතනවා.දිගු ගමනක් යන්න ශක්තිය ලැබේවා.දිගටම ලියන්න.ජය!!!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි. ඔයාලගේ වචන මට හයියක්.

      Delete
  7. තවතවත් ලියන්න හැකිවේවා ...!!!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි. ඔයාටත්.

      Delete
  8. බ්ලොග් ලොව දිගු ගමනක් යන්න ලැබේවායි පතමි..!

    ReplyDelete
    Replies
    1. ඔබේ පතුමට මගේ ස්තුතිය. ඔබටත් එසේම වේවා....!!!!!!

      Delete

කියෙවුවම මොකද හිතෙන්නේ? ලියලම යන්නකෝ.

Related Posts Plugin for WordPress, Blogger...