Monday, September 3, 2012

මලක මහිම.........




යනෙන මග ඇති    මලින් බර වුනු 
වතුසුදු ගසකි                           එය
              මල් වට්ටි සරසවන       සිතට සහනය ගෙනෙන                      කුසුම                                               වතුසුදුමය
බැතිමතුන්ගේ         සිත් සනසවන 
මේ කුසුම්                          පොදිය
              තුරුණු විය සැරිසරන            කෙලි රංචුවකගේ      
              ජීවිතය                                                 වැනිය          




පහල අත්තක         පිපුණු ඔබ නම් 
නෙලා ගන්නට                  පහසුය
              නව යොවුන් විය                             පා තබද්දිම 
              නෙලා ගත් ඔබ                                      එමලය
පෙති විහිදලා         සොඳට පිපි වග 
පිට ඔපෙන් නම්           පෙනෙනුය
              නමුදු ඒ මල                                නෙළී යන්නේ 
              දිවිය වටහා                                     නොගෙනය



මැද හරියෙන්              පිපුණු මලේ 
ඔබ නම් හරි                 පිවිතුරු වේ
              තම දිවියට                                      පන්නරයක් 
              ලැබ ඇති ඔබ                                   සවිමත් වේ
හිතුමතේට                 නෙලාගන්න            
බැරි වග නම්                 තහවුර වේ
              නෙලාගන්න නම්                                    ඒ මල 
              කැපකිරීම්                                      කල යුතු වේ


වෙඬරු පිඩක් සේ    උණු වී යන්නට 
ඔබ ඇය සිත තුල            රැදිය යුතුයි
             වංක සිතින් නොව                   යහපත් සිතකින් 
             යුතුවම ඔබ එය                           නෙළිය යුතුයි
ආදරයෙන් පිරි    සෙනෙහස උතුරන 
හදවත ඈ හට                 පිදිය යුතුයි
             එවිට ඔබේ ඒ                           මහඟු ප්‍රයත්නය 
             නිසැකව ප්‍රතිඵල                           ලැබිය යුතුයි



ඉහල අත්තෙ                පිපුණු මලේ 
තනිව පරව                     යන්න එපා
             උඩ සිටියත්                                  උඩඟු කමක් 
             නම් ගාවා                                       ගන්න එපා
තණ්හාවෙන්              අන්ධ වෙමින් 
ලස්සන සිත                 පෙලණු එපා
             ඔබට දැනෙන                           සෙනෙහසකට 
             ඈත් වෙන්න                                 දෙන්න එපා

ප.ලි.   මධූට හිතුන කවියක් ලියන්න. සාර්ථකද දන්නේ නෑ. කැත නම් ඒකත් ලියලම යන්නකො හොඳේ.....

22 comments:

  1. හිතන්න දෙයක් සමග අපූරු පද ටිකක් :)

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි යාලු.

      Delete
  2. නියමයි.අමුතු ලස්සනක් තියෙනවා..ජය !

    ReplyDelete
    Replies
    1. 19 වෙනි ශතවර්ශේ ආච්චි කෙනෙක් ලිවුවා වගේද යාලු..... හී. හී....

      Delete
  3. ලස්සන කවි සිතුවිල්ල !

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි යාලු. දැන ගියොත් කතරගම. නොදැන ගියොත් අතරමගනේ.

      Delete
  4. කවි නම් ගොඩාක් සාර්ථකයි මධූ.. හොඳ අදහසක්..ඒත් ලියලා තියෙන විදිහට නම් මට ටිකක් කියවන්න අමාරු වුනා.. එතකොට කවියේ පද වලට යොමුවෙන අවධානයට වඩා කවිය එක පේලියට කියවන එකට අවධානය යොමු කරන්න වුනා.. ඔයා වෙනසක් කරන්න හදන්න ඇත්තේ.. ජය වේවා..

    ReplyDelete
    Replies
    1. ඒකටත් හේතුවක් තිබුන යාලු. මේ කවි වල තාල වෙනස් නිසා එක දිගට කියවද්දී අමුතුයි වගේ. ඒක නැති කරන්න තමයි ටිකක් වෙනස් කලේ. ඒත් මගේ හිතේ හැටියට මේක දාගන්න බැරි වුනා.

      අනික ගොඩක් අය කවි කියවන්න ආස නෑනේ යාලු. හොඳට බැලුවොත් පෙනෙයි. මං මේ කවි වල එලිසමයත් හැදුව.

      Delete
  5. අර්ථවත් කවියක් ,දිගටම ලියන්න ......

    ReplyDelete
    Replies
    1. දිරි ගැන්වීමට බොහොම ස්තුතියි.

      Delete
  6. මලක මහිම..
    ලියවුණු හැඩ
    ගෙතුන කවිය
    පිපුණ මලක..

    අර්ථවත් , ලස්සනයි ගොඩක්..!

    ReplyDelete
    Replies
    1. ඔයාගේ පුංචි කවි පද ටිකත් හරිම වටිනවා යාලු. ගොඩක් ස්තුතියි.

      Delete
  7. ලස්සන අදහසක්.....

    කියවගන්න ටිකක් අමාරුයි

    ReplyDelete
    Replies
    1. අයියෝ.... ඒකට මට සමාවෙන්න හොඳේ..

      Delete
  8. කවි සිතුවිලි පහලවෙනවා හොදට... නියමයි ජය වේවා

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි ගවේෂක අදහසට හොඳේ.

      Delete
  9. හ්ම්ම් ලස්සනයි අදමයි මේ පැත්තේ අවේ අයෙමත් එන්නම් අපුරු සිතුවිල්ලක් රස විදින්න

    ReplyDelete
  10. ගොඩක් සතුයි. සාදරයෙන් පිලිගන්නවා මේ පැත්තට.

    ReplyDelete
  11. ම්ම්...කවිය අර්ථවත්..මම රස වින්දා..ස්තුතියි..

    ReplyDelete
    Replies
    1. ඔයාටත් ගොඩක් ස්තුතියි යාලු. ම්ම්....

      Delete

කියෙවුවම මොකද හිතෙන්නේ? ලියලම යන්නකෝ.

Related Posts Plugin for WordPress, Blogger...