Thursday, September 20, 2012

මට නුඹ විතරක් වුනාට.....


 
මට නුඹ විතරක් වුනාට
නුඹට ඉන්නේ මං විතරද?

මේ වචන ටික ඇතුලේ කොයි තරම් ලොකු තේරුමක් තියෙනවද? මං දැක්ක සොහොන කොතක මේ විදියට ලියල තියෙනවා.
නිසල ගං දිය පටන් ගත්ත දවස් වල ජීවිතය කියල ලේබල් කරලා මං ලිවුව පලවෙනි ලිපිය මේක කියවන්න කලින් බලන්නකෝ. මොකද මේ ලිපිය ඒකට ගොඩක් සම්බන්දයි.
                                                      මෙතනින්.....
තරුණ ජීවිතයක් නැති වුණා. වාසනා රට යන්න කලින් ටිකක් දුරක යාලුවෙකුගේ ගෙදර නැවතිලා හිටියා. මැරුණු තරුණයාගේ අයිය, මං කියන්නම් සනා කියල. මල්ලි නැති උනාට ගොඩක් වේදනාවෙන් හිටියේ. දවසක් රෑ හොඳටම බීල තව එයාගේ යාලුවෙකුත් එක්ක බයික් එකක වාසනා හොයාගෙන ගියා. සෑහෙන අබලන් බයික් එකක්. හිතේ තිබුන ආවේගය, කචල් පැන්ටා වල බලය මෙයාලව සෑහෙන ස්පීඩ් කළා. මේ අතරේ පොලිසියත් එයාලගේ රාජකාරිය අකුරටම ඉෂ්ට කළා. සනාට නවතින්න සිද්ද වුණා.

“රාලහාමි ඉක්මනට දඩ කොලේ ලියල දීපං.” සනා කතා කලේ ඒ විදියට. පොලිස් රාලහාමිට අසු හාරදාහට නැග්ග. ඒකෙ ප්‍රතිඵලයක් විදියට සනාට යාලුවත් එක්කම මහා උළු ගෙදර යන්න වුණා. එක වරදකට නෙමේ. වැරදි ගොඩකට.
සනාට දරු පවුලක් ඉන්නවා. සනා දරුවෝ දෙන්නෙක්ගේ තාත්ත කෙනෙක්. ඒක දරුවෙක් ඒ වෙනකොට මේ ලෝකේ දැකලත් නෑ. කොහොමහරි සනාව ඇප දීල එලියට ගත්ත. කාලය ගත වුණා. වාසනා තවත් මනුස්සයෙකුට අවාසනාව ගෙනාව. ඒ සනාගේ අනිත් මල්ලි. ඒ වෙද්දී කවුරුත් ඒ ගැන දැනගෙන හිටියේ නෑ. ඇත්තටම මේක විස්වාස කරන්න ගොඩක් අමාරුයි. එක ගෑණියෙක් නිසා තමන්ගේ මල්ලි මැරුණා. අයිය ඒ ගෑණිට ආදරේ කරනවා. මොන අවාසනාවකට හරි ඒක එහෙම වුණා.
සනාගෙ දෙවැනි දරුවා දුවෙක්. කට්ටිය හරියට සන්තෝස වුණා. ඒ අතරේම සනාගේ නඩුව ඇහුව. දරුවා ඉපදිලා මාසයක් වෙද්දී නඩුව ඉවර වුණා. සනාට රුපියල් 39000ක දඩයක් ගැහුවා. නොගෙවුවොත් අවුරුදු දෙක හමාරක සිර දඩුවමක්. මේ වගේ මුදලක් තියා එදා වේල කන්න හොයාගත්තෙත් පොල් ගෙඩියක් කඩල ගහක් කපල. දැන් සනා හිරගෙට වෙලා අඬනව.
තවම බබා ලැබිල මාසයක් වත් නැති සනාගේ බිරිඳට කන්න බත් කටක් නෑ. තවම ලේ හත්තක් වගේ ඉන්න දරුවට කිරි පොදක් දෙන්න ඒ ගෑණිට ශක්තියක් නෑ. අහල පහල ගෙවල් වලින් කන්න දෙන්නේ. මේ දවස වල සනාව බේරගන්න ගමේ මිනිස්සු සල්ලි එකතු කරනවා.
වාසනාගේ දරුවා ඔහේ හැදෙනවා. ළමයෙක්ට අහන්න බැරි විදියේ කතා අහගන්නවා. අඳින්න හරිහමන් ඇඳුමක් නෑ. ගෑණු ළමයෙක්ට ඕනෙ කරන කිසි දෙයක් නෑ.
අවුල් ජාලයක්. මේ දේවල් කොහෙන් ඉවර වෙයිද තව මොනවා සිද්ද වෙන්න තියෙනවද කියල දෙයියෝ තමයි දන්නේ. මීට වඩා දෙයක් මේ කතාව ගැන ලියන්න මං කැමති නෑ.
අකාලයේ මිය ගිය තරුණයාගේ සොහොන් කොතේ තමයි මුලින් කියපු වචන ටික තිබුනේ. ඒක කොයි තරම් දුරට ගැලපෙනවද කියල හිතාගන්න පුළුවන් නේද?    

26 comments:

  1. හ්ම්ම් තවත් අසරණ ජිවිතයක්....මේක කුරිරු ලෝකයක්

    ReplyDelete
    Replies
    1. ඔව්. ගොඩක් අසරණයි. එක්කෙනෙක් දෙන්නෙක් නෙවෙයි.

      Delete
  2. අනේ මට නම් හිතාගන්න බෑ ..... මේක කුරිරු ලෝකයක්ම තමයි

    ReplyDelete
    Replies
    1. අපිට හිතාගන්න බැරි ගොඩක් දේවල් අපි අවට සිද්ද වෙනවා යාලු. මිනිස්සුන්ගේ හිත ඇතුලේ මහා මෙරක් ප්‍රශ්න තියෙනවා.

      Delete
  3. සමහර ප්‍රශ්න වලට විසඳුම් නැහැ..
    ජය වේවා!

    ReplyDelete
    Replies
    1. අවසිහියෙන් වැඩ කරද්දී මොන විසඳුම්ද යාලු.
      සාදරයෙන් පිලිගන්නවා. ආයෙත් එන්නකෝ.

      Delete
  4. මොනවා කියන්නද කියල හිතාගන්න බෑ.
    කරුමෙට ඉපදුන ජීවිත :(

    ReplyDelete
    Replies
    1. මේක ලියද්දි මාවත් වංකගිරියක අතරමං වුණා වගේ යාලු.

      Delete
  5. අනේ මන්ද..? එක එක ජිවිත එක එක විධියයි...
    ලෝකය පෙරලෙයි කාලේ ගෙවී යයි..
    මාරුව ළඟ වෙනවා..
    සිතු දේ නොම වෙයි නොසිතු දෙයක් වෙයි
    ලෝ දම් කැරකෙනවා...!!

    ReplyDelete
  6. කරුමෙ තමා...
    වෙන මොනා කියන්නද ඉතිං..

    ReplyDelete
    Replies
    1. එක ජීවිතෙකට පුලුවන්ද යාලු ගොඩක් අයගේ ජීවිත විනාශ කරන්න මේ විදියට.

      Delete
  7. මිනිස්සු තිරිසනුන්ටත් අන්ත තත්වයකට වැටිලා කියලා හිතෙන්නේ මෙන්න මේ වගේ වෙලාවල් වලට තමයි.

    ReplyDelete
  8. වාසනාව අවසනාව..කාසියක් වගේ..අනේ මන්දා..

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා යාලු.
      මං හිතන්නේ වාසනාව කියන්නේ ලබා ගත යුතු දෙයක්.

      Delete
  9. අනේ මන්ද අප්පා..:(

    ReplyDelete
  10. Replies
    1. ගොඩක් අයට ඔය වචනේ කියවුනා යාලු මේක දැකල.

      Delete
  11. හ්ම්...අනේ මන්දා යාලු...
    :/

    ReplyDelete
    Replies
    1. ඔව් යාලු හිතාගන්න බෑ තමයි.

      Delete
  12. හ්ම්ම්.... :/
    මට ඔයාගේ බ්ලොග් එක කියවන්න එන්න බැරි වුනානේ කාලෙකින්.. හෙමිට මඟ ඇරුනු ඒවා කියවන්න ඕනේ..
    ජය වේවා..

    ReplyDelete
    Replies
    1. ම්ම්. මං ඒත් බැලුව මොකෝ මේ පැත්තේ නාවෙ කියල. කියවලම බලන්නකෝ.

      Delete
  13. අනේ මන්දා මෙහෙමත් ගෑනු මිනිස්සු!!!


    අදමයි ආවේ නිසල ගං දියට, :)

    ReplyDelete
  14. සාදරයෙන් පිලිගන්නවා යාලු. ආයෙත් එන්නකෝ.

    ReplyDelete

කියෙවුවම මොකද හිතෙන්නේ? ලියලම යන්නකෝ.

Related Posts Plugin for WordPress, Blogger...